දෙමාපිය හිරිහැර කියන්න  සිසුවිය පාසල් ඇඳුම පිටින්ම පොලිසි එයි

1093

යාපනයේ අච්චුවේලී ප‍්‍රදේශයේ පාසල් දැරියකට දෙමව්පියන්ගෙන් සිදුවන හිරිහැර ඉවසීමට නොහැකිව ඇය ඒ පිළිබඳව පොලිසියට කරුණු පැහැදිලි කිරීමෙන් පසුව එම දැරියගේ ආරක්ෂාව සඳහා ඇය 8 වැනිදා පොලිස් භාරයට ගෙන තිබේ.

වයස අවුරුදු 12ක මෙම ශිෂ්‍යාව පාසලේ හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඇය පොලිසියට පවසා ඇත්තේ සිය පියා බීමත්ව නිවසට පැමිණ තමන්ට කරදර කරන බවය.

එම කරදරවලින් තමන් බේරා ගැනීමට මව ඉදිරිපත් වන විට පියා මවට පහර දෙන බවත් පසුව ඒ සිද්ධීන් නිසා මව ද තමන්ට පහර දෙන බවත් පොලිසියට ඇය ප‍්‍රකාශ කර තිබේ.

පාසල් නිල ඇඳුම පිටින්ම පොලිසියට පැමිණ මේ තොරතුරු ඉදිරිපත් කළ එම පාසල් දැරිය අච්චුවේලී පොලිසිය විසින් යාපනයේ කෝපායි ප‍්‍රදේශයේ ළමා නිවාසයක් වෙත යොමු කර ඇත. ශිෂ්‍යාවගේ ප‍්‍රකාශයන් මත දෙමව්පියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා තිබේ.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment