දෙල්දුවේ පිරිවෙනක 29 දෙනකුට කොවිඩ් – හිමිවරු 26දෙනෙක් ඒ අතර – සාමණේර හිමිවරු 50ක් නිරෝධායනයේ

226

වාද්දුව, දෙල්දුව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ පවත්වාගෙන යන පිරිවෙනක වැඩසිටින විහාරාධිකාරී හිමියන්, සාමණේර හිමිවරුන් 25දෙනකු ඇතුළු 29දෙනකුට කොරෝනා වෛරසය වැලඳී ඇති බවට පෙරේදා (29 දා)  පස්වරුව වන විට තහවුරුව ඇතැයි වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවසීය.

සාමණේර හිමිවරුන් 9දෙනකු වෙනුවෙන් පසුගිය 28 වැනිදා කරන ලද ක්ෂණික ප‍්‍රතිදේහ පරීක්ෂණවලින් හිමිවරුන් හය දෙනෙකුට වෛරසය ආසාදිත ව ඇති බව හෙළිවී ඇත. ඒ අනුව පිරිවෙනේ වැඩ සිටින අනිකුත් සාමණේර හිමිවරුන් 80 දෙනෙකුට පෙරේදා (29 දා) පස්වරුවේ සිදු කළ ක්ෂණික ප‍්‍රතිදේහ පරීක්ෂණවලින් පසු සෙසු හිමිවරුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුව ඇතැයි බලධාරියා වැඩිදුරටත් පැවසීය.

ආසාදිතයින් අතර විහාරස්ථානයේ තාවකාලිකව නේවාසිකව සිටින සාමණේර හිමි නමකගේ පියකු ද පැවිදි කිරීමට සිටින කුඩා දරුවකු සහ දහම් පාසල් ගුරුවරයකු ද සිටින බව සඳහන්ය.

ඒ අනුව සියලූ ආසාදිත හිමිවරුන් විහාරස්ථානයේම රඳවා ප‍්‍රතිකාර ලබාදීමේ නව ක‍්‍රමවේදයට අනුව කටයුතු කිරීමේ වැඩපිළිවෙළට විහාරාධිකාරී හිමියන් ද එකඟ වූ බව එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර විහාරස්ථානයේ වැඩසිටින පනහකට අධික සියලූ සාමණේර හිමිවරුන් විහාරස්ථානය තුළම නිරෝධායනයට ලක් කර ඇත. සාමණේර හිමිවරුන්ගේ පළමු ආශ‍්‍රිතයන් සොයා ඔවුන් ද නිවෙස් තුළ නිරෝධායනයට ලක්කිරීමට කටයුතු කරන බව හෙතෙම කීය.

කෙසේ නමුත් ආසාදිත හිමිවරුන් පෙරේදා (29 දා) රාත‍්‍රියේ යුද හමුදා ආරක්ෂාව මධ්‍යයේ කළුතර ප‍්‍රදේශයේ විශේෂ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයකට රැුගෙන යන අයුරු ද දැකගත හැකි විය.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක, බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment