දෙල් පොළොස් මිලත් ඉහළට

409

දිවයිනේ එළවළු මිල ඉහළ යෑමත් සමගම කෑගල්ල, මාවනැල්ල ප‍්‍රදේශයේ කොස් පොළොස් දෙල්වල මිල ගණන් ඉහළ ගොස් ඇත.

රුපියල් 25 ට 50 ට තිබූ පොළොස් ගෙඩියක් අද රුපියල් 100 සිට 150 දක්වා මිල ඉහළ ගොස් ඇති අතර කොස් මදුලූ‍ කිලෝවක් රුපියල් 150 සිට 200 දක්වා ඉහළ ගොස් ඇත. දෙල් ගෙඩියක් ප‍්‍රමාණය අනුව රුපියල් 100 සිට 300 දක්වා ඉහළ ගොස් ඇත.

මෙලෙස ඉහළ යෑමට හේතුව එළවළුවල මිල ගණන් ඉහළ යෑමත් වස විසෙන් තොර ආහාරයක් වීම බවත් ගමෙන් මෙම වර්ග එදා මෙන් සොයා ගැනීමටට ඇති අපහසුව නිසාය. ඒවා ගමේදී අලෙවිය සිදුවීමයි. අයිතිකරුවන් ගෙඩි ගසේ තියෙද්දී රුපියල් 150 කට අලෙවි කිරීම නිසා මිල ඉහළ යෑම සිදුවන බවද වෙළෙන්දෝ පවසති.

කෑගල්ල – එම්.බී. පහලවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment