දෙවසරකට පසුව ඕවල් පිටියට එක් දින ජාත්‍යන්තර තරගයක්… ශ‍්‍රී ලංකා එංගලන්ත දෙවැනි එක්දින තරගය අද

312

ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි එක්දින තරගය අද (01 දා* ඕවල්හිදී දිවා රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ. තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30 ට ආරම්භ වීමට නියමිතය.
 
 දෙරට අතර තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු තරගයයි පෙරේදා (29දා* චෙස්ටර්ල් ස්ටී‍්‍රට් හි පැවැති අතර එම තරගයෙන් එංගලන්තය ශ‍්‍රී ලංකාව පරදවා කුඩුලූ 05 ක ජයග‍්‍රහණයක් ලැබීය.
 
 තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව රැුස් කළ ලකුණු 185 ඉලක්කය පන්දුවාර 34.5 ක් තුළදී පසුකර ගිය එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් නොදැව් ලකුණු 79 ක් සහ ජොකී බෙයාර්ස්ටෝ පන්දු 21 කදී ලකුණු 43 ක් ලබා ගත්හ.
 
 ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී දුෂ්මන්න චමීර කඩුලූ 3 ක්ද බිනර ප‍්‍රනාන්දු සහ චාමික කරුණාරත්න එක් කඩුල්ල බැගින් දවාගත් අතර ලෝක ශූරතා සුපර්ලීග් එක්දින ක‍්‍රිකට් තරගාවලිය යටතේ මෙම තරගාවලිය පැවැත්වේ.
 
 අද තරගය පැවැත්වෙන ඕවල් ක‍්‍රීඩාංගනයේදී ශ‍්‍රී ලංකාව එක් දින තරග 13 කට සහභාගි වී ඇති අතර ඉන් තරග 05 ක් ජයග‍්‍රහණය කර තරග 08 ක් පරාජයට පත් වී ඇත.
 
 අවසන් වරට ඕවල් ක‍්‍රීඩාංගණයේදී එක්දින ජාත්‍යන්තර තරගයක් පවත්වා ඇත්තේ 2019 වසරේ, අයිසීසී ලෝක කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර ජුනි මාසයේ පැවැති තරගයයි. එම තරගයෙන් ඔස්ටේ‍්‍රලියාව ලකුණු 87 ක ජයක් ලැබූ අතර එංගලන්තය ඕවල්
 
 ක‍්‍රීඩාංගණයේදී සහභාගී වූ තරග 48 න් 29 ක් ජයග‍්‍රහණය කර තරග 17 ක් පරාජයට පත් වී ඇත. තරග දෙකක් ජය පරාජයෙන් තොරව නිමාවට පත් වී ඇත.
 
 ශ‍්‍රී ලංකාව ඕවල්හිදී තරගයක් ජය ගැනීමේ ප‍්‍රතිශතය සියයට 38.46 ක් වන අතර එංගලන්තය තරගයක් ජය ගැනීමේ ප‍්‍රතිශතය සියයට 63.04 ක් වේ. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රබල ක‍්‍රීඩකයන් තිදෙනෙකු නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් තරගාවලියන් ඉවත් කර ඇති තත්ත්වයක් තුළ මේ තරගාවලියේදී ශ‍්‍රී ලංකාවට එය විශාල පාඩුවක් ගෙන දී ඇත. කෙසේ වෙතත් පන්දුවාර 20-20 තරගාවලියේදී 3-0 ක් ලෙස පරාජයට පත් වී ඇති ශ‍්‍රී ලංකා කණ්ඩායමට මේ තරගය ජය ගැනීමට අත්‍යාවශ්‍ය වී ඇත්තේ එයද පරාජයට පත් වුවහොත් එක් දින තරගාවලියේදී පරාජය ශ‍්‍රී ලංකාව ඉදිරියේ සටහන් වනු ඇති නිසාය.
 
 ශ‍්‍රී ලංකා කණ්ඩායම කුසල් ජනිත් පෙරේරාද එංගලන්ත කණ්ඩායම ඔයින් මෝගන් විසින් ද මෙහෙය වනු ලබයි.
 
 ශී‍්‍ර ලංකා සංචිතය – කුසල් පෙරේරා (නායක*, චරිත් අසලංක, ඕෂධ ප‍්‍රනාන්දු, පැතුම් නිස්සංක, දසුන් ශානක, ධනංජය ද සිල්වා, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, රමේෂ් මෙන්ඩිස්, වනි`දු හසරංග, අකිල ධනංජය, අසිත ප‍්‍රනාන්දු, බිනුර ප‍්‍රනාන්දු, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, ලක්ෂාන් සඳකැන්, නුවන් ප‍්‍රදීප්, ප‍්‍රවීන් ජයවික‍්‍රම, ශිරාන් ප‍්‍රනාන්දු.
 
 එංගලන්ත සංචිතය – ඔයින් මෝගන්, ඬේවිඞ් මලන්, ජේසන් රෝයි, ජෝ රූට්, ලයිම්
 
 ලිවිංග්ස්ටන්, කි‍්‍රස් වෝක්ස්, ඬේවිඞ් විලී, ලියම් ඩෝසන්, මෝයින් අලී, සැම් කැරන්, ජොනී බෙයස්ටෝ, සැම් බිලිංග්ස්, අදීල් රශීඞ්, ජොර්ජ් ගාටන්, මාක් වූඞ්, ටොම් කරන්.

advertistmentadvertistment
advertistmentadvertistment