දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමගුල් උත්සවය පැයයි

202


ලබන සඳුදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවැත්වීමට නියමිතව ඇති අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමගුල් උත්සවය පැයක පමණ කාලයකින් අවසන් වීමට නියමිත බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව එංගලන්තයේ ”‍ස්කයි ”‍ ප්‍රවෘත්ති සේවාව පවසයි .

දැනට වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම ලබන සඳුදා එංගලන්ත වේලාවෙන් සවස 3.30 ට නිල වශයෙන් අවසන්වේ. ඉන්පසු මහජනතාව සඳහා වෙස්ට්මිනිස්ටර් ශාලාව වසා දැමීමට නියමිතය .එදින රාත්‍රී 7.44ට පමණ රථයක තැන්පත් කෙරෙන මහ රැජිනගේ දේහය රැගත් දෙන වෙස්ට්මිනිස්ටර් ශාලාවට මදක් දුරින් පිහිටි වෙස්ට්මිනිස්ටර ඇබේ දේවස්ථානය වෙත ගෙන යාමට නියමිතය.
අවමගුල් උත්සවය රාත්‍රී 8ට ආරම්භ වී 9ට පෙර අවසන් කෙරෙන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ .

advertistmentadvertistment
advertistmentadvertistment