දෙවැනි ගෑස් නැවත්  අද එයි – කඩිනමින් ගොඩබාන්න  ජනපතිගෙන් උපදෙස්

122

ගෑස් මෙටි්‍රක් ටොන් 3,700ක් රැගත් පළමු නෞකාව මෙරට මුහුදු තීරයට ඊයේ (10දා) ළඟා විය.

ගෑස් මෙටි්‍රක් ටොන් 3,740ක් රැගත් දෙවැනි නෞකාව අද (11 දා) සවස පැමිණෙයි.

පළමු නෞකාව ඊයේ පස්වරු 3.00ට කෙරවලපිටියට පැමිණීමෙන් පසු ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීම කඩිනමින් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබුණි.

ගෑස් මෙටි්‍රක් ටොන් 3,200ක් සහිත තෙවන නෞකාව මෙම මස 15 වැනිදා මෙරටට පැමිණෙන අතර මේ මස සඳහා ඇණවුම් කර ඇති ගෑස් මෙටි්‍රක් ටොන් ප්‍රමාණය 33,000කි.

මේ අනුව ගෑස් බෙදාහැරීම හෙට (12 දා) සිට සාමාන්‍ය පරිදි සහ ක්‍රමානුකූලව සිදුකරන බවත් ගෘහස්ථ ගෑස් ඉල්ලුම සම්බන්ධයෙන් පැවති ගැටලුව මේ මස අවසන් වන විට සම්පූර්ණයෙන් මගහැරෙන බවත් ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment