දෙවැනි ටෙස් තරගයත් ශ‍්‍රී ලංකාව පරාදයි

267


ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බැංගලූර් හිදී පැවැති දෙවැනි සහ අවසන් ටෙස් තරගය ලකුණු 238කින් ජය ගැනීමට ඉන්දියාව අද සමත් විය.දෙවැනි ඉනිම සඳහා ලකුණු 447ක ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 208ක් පමණි.එහිදී නායක දිමුත් කරුණාරත්න ලකුණු 107ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 54ක් ලබාගත්තේය.ජස්ප‍්‍රිට් බුම්රා ලකුණු 23ට කඩුලු 03ක්ද රවිචන්ද‍්‍රන් අස්වින් ලකුණු 55ට කඩුලු 04ක්ද ලබාගත්තේය.ඒ අනුව දෙවැනි ටෙස් තරගය දින තුනකින් අවසන් විය.ටෙස් තරග දෙකම ජය ගනිමින් තරගාවලියේ ජයද ඉන්දියාවට හිමිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment