දෙවැනි නිදහස් විමුක්ති අරගලයකට සියලු ජාතීන් එක්විය යුතුයි

316

 සුජීව තත්සර
 
 1948 දී මෙරටට නිදහස ලබාගැනීමට සියලූ ජාතීන් එක්වූවා සේම මේ මොහොතේදී ද දෙවන නිදහස් විමුක්ති අරගලයකට සියලූ ජාතීන් එක්විය යුතු බව ඇල්ලේ ගුණවංශ හිමියෝ ‘දිවයින’ට ඊයේ (02 දා* පැවසූහ.
 
 මේ මොහොතේ මෙරටට විමුක්ති අරගලයක දැඩි අවශ්‍යතාවක් පවතින බවත් ඒ වෙනුවෙන් එක්වීමට උතුරේ දමිළ ජනතාවත්, නැගෙනහිර මුස්ලිම් ජනතාවත් ඇතුළු රටේ සමස්ත ජනතා නියෝජනයන් තමන් වහන්සේ සමඟ අත්වැල් බැඳ ගැනීම වෙනුවෙන් සාකච්ඡා පවත්වා ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.
 
 ගුණවංශ හිමියෝ මෙසේ ද පැවසූහ.
 
 මේ රජය අන් කවරදාටත් වඩා මේ රට විකුණාගෙන කෑමේ පිළිවෙතක් ආරම්භ කර දිගින් දිගටම එය කරගෙන යනවා. අද අපට අහසේ සහ මුහුදේ කියන තැන් දෙකෙහිම ප‍්‍රශ්න පවතිනවා. මේ හැම තැනකදීම අපිට අවාසි සහගත තත්ත්වයක් තමයි මතුව තිබෙන්නේ. අපි ජාත්‍යන්තර ගිවිසුම් කිහිපයක් අත්සන් කරලා නෑ. අත්සන් කර තිබුණත් ගැටලූ පවතිනවා.
 
 බටහිර අධිරාජ්‍යවාදීන් අපේ ඛනිජ වැලි, පොස්පේට්, ඉල්මනයිට්, රත‍්‍රං ඇතුළු තවත් ඛනිජ සම්පත් බොහොමයක් මංකොල්ල කෑමකට ලෑස්ති වෙනවා. චීනා ඇවිත් අපේ වැව් හාරනවා. වැවේ ඛනිජ සම්පත කොල්ල කාලා රොන් මඩ ඉවත් කරාම වැවෙන් ගන්න දෙයක් තියනවාද? වාරි කර්මාන්තය කියන්නේ අපේ ලොකුම සම්පත. අපේ උරුමය. මෙවන් ජාතික වස්තූන්ට අත තියන්න ඉඩ දී ආණ්ඩුව මේ මොනවද කරන්නේ.
 
 මේ රජය මේ තරම් විනාශ කරන උන්ව අත්අඩංගුවට ගත්තාද. ඇයි ආණ්ඩුව නීති දෙකකින් වැඩ කරන්නේ.
 
 මේ ආණ්ඩුව මේ විදිහට විජාතික බලවේගවලට යටවෙලා ඔවුන් සතුටු කර රටේ ජනතාවට වළ කපනවා නම් අපි දෙවැනි නිදහස් විමුක්ති අරගලයක් ආරම්භ කළ යුතු නොවේද?

advertistmentadvertistment
advertistmentadvertistment