දෙවැනි යුද්ධය ඇරඹේ

218

ප්‍රවීණ ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ වී. සිවදාසන්ගේ නවතම සිනමා නිර්මාණය ‘දෙවෙනි යුද්ධය’ මේ දිනවල අති සාර්ථක ලෙස දිවයින පුරා සිනමාශාලාවන් හී ප්‍රදර්ශනය වේ. අනූවේදනීය මෙන්ම කුතුහලයෙන් පිරි ආදර්ශවත් කතා තේමාවකින් යුත් මෙම සිනමා පටය, පවුලේ සැමට එකට සිට නැරඹීමට හැකිවන ලෙස නිමවා ඇත.

මෙහි රංගනයෙන්, පුබුදු චතුරංග, උදාරි වර්ණකුලසූරිය, කීත් රංග, තුෂිණි ප්‍රනාන්දු, සරත් කොතලාවල, ජයලත් මනෝරත්න, රුක්ෂානා දිසානායක, අනුර වරාගොඩ, දිල්හානි අශෝකමාලා, බුද්ධික ජයරත්න, එස්.අයි. සමරක්කොඩි ඇතුළු පිරිසක් දායකව ඇත. බර්නාඩ් ජයතුංගගේ තිර රචනයකට අනුව නිමැවුන ‘ දෙවෙනි යුද්ධය’ කැමරා අධ්‍යක්ෂණයෙන් සුජිත් නිශාන්ත, සංස්කරණය සහ ඩිජිටල් වර්ණ සංයෝජනයෙන් මේඝ කොළඹගේ, සම අධ්‍යක්ෂණයෙන් කීර්ති රුවන් ලාල්සන්, කලා අධ්‍යක්ෂණයෙන් රොහාන් සමරදිවාකර, අංග රචනයෙන් අනුර ජයසේකර, ගීත රචනයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න, අරුණ ගුණරත්න සමඟින් සුනිල් ධර්මසිරි ද, ගීත ගායනයෙන් නිරෝෂා විරාජිනී, සුබුද්ධි ලක්මාලි, පූර්ණ සචින්ත සමගින් කල්පනා කාවින්දි ද, ශබ්ද සංයෝජනයෙන් ටී.එන්. බාලසුන්දරම් (ඉන්දියාව), සංගීත අධ්‍යක්ෂණයෙන් උදයන් වික්ටර් එක්ව ඇති දෙවෙනි යුද්ධය කීත් රංග, චන්න ඔබේසේකර සමගින් රජිව් සිවදාසන් එක්ව නිෂ්පාදනය කර ඇත.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment