දෙවැනි ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ පළමු ජය ඉන්දියාවට

340

සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර ලෝඞ්ස් හිදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ලකුණු 151 ක ජයග‍්‍රහණයක් ලැබීමට සංචාරක ඉන්දීය කණ්ඩායම පෙරේදා (16 දා) සමත් විය.

ජයග‍්‍රහණය සඳහා අවසන් දිනයේදී ලකුණු 272 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම ලකුණු 120 කට සීමා කළ ඉන්දීය ක‍්‍රීඩකයෝ තරග 5 කින් යුත් තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට එම ජයග‍්‍රහණයත් සමඟ සමත් වූහ.

ඉන්දියාව පළමු ඉනිම සඳහා ලකුණු 364 ක්  රැස්කළ අතර දෙවැනි ඉනිමේදී කඩුලූ 8 ක් දැවී ලකුණු 298 ක් රැුස්කර සිටියදී ඉනිම අත්හිටුවනු ලැබීය. කඩුලූ 8 ක් ලකුණු 209 ක් තුළ දැවී ගොස් තිබියදී 9 වැනි කඩුල්ල වෙනුවෙන් අංක 09 සහ අංක 10 පිතිකරුවන් වූ මොහමඞ් ෂාමි (ලකුණු 56 ක්) සහ ජස්පි‍්‍රට් බුම්රාන් (ලකුණු 34ක්) නොදැවී ලබමින් එංගලන්තයට අභියෝගාත්මක ඉලක්කයක් ලබාදුන්නේය.

ලකුණු 272 ක ඉලක්කයක් හඹා ගිය එංගන්ත කණ්ඩායම වෙනුවෙන් නායක ජෝ රූට් (ලකුණු 33), ජොස් බට්ලර් (ලකුණු 25) සහ මොයින් අලී (ලකුණු 13) පමණක් ඉලක්කම් දෙකේ ලකුණු සීමාවට එක්වීමට සමත්වූ අතර මොහොමඞ් සිරාජ් කඩුලූ 4 ක් සහ ජස් පි‍්‍රට් බුම්රාන් කඩුලූ 3 ක් දවා ගත්හ.

තරගයේ වීරයා සම්මානය ලෝකේෂ් රාහුල්ට හිමිවූ අතර මෙම ජයග‍්‍රහණය දෙවැනි ලෝක ශූරතා ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේදී කණ්ඩායමක් ලද පළමු ජයග‍්‍රහණය විය. දෙවැනි තරගය ලබන 25 වැනිදා ලීඞ්ස් හිදී පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment