භාරවීම යනු පුරාණයේ සිට විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව අතර දැඩි විශ්වාසය මත පවතින ජන හැදෑරීම හා බැඳුණු චාරිත්‍රයක් මෙන්ම ජෝතිෂ විද්‍යාවෙ එන එක්තරා ප්‍රතිකර්ම ක්රමයකි.
දෙවියන්ට භාර වීම යනු අප දෙවියන් සමග කාරණ ගනුදෙනුවකි.” මාගේ මේ කාරණය ඉටුකර දුනහොත් ඔබ වහන්සේට …. … පූජා කර, සිදු කර පින් අනුමෝදන් කරනවා” යනුවෙන් දෙවියන් ඉදිරියේ දිවුරා පොරොන්දු වීම භාරවීමයි. මේ ආකාරයෙන් තම සාධාරණ, යහපත් බලාපොරොත්තුවක් ඉටුකර ගැනීම සඳහා දෙවියන්ට කන්නලව් කර භක්තිමත්ව ඉල්ලා සිටීමින් වන්නා වූ භාරයකින් අපගේ බලාපොරොත්තු ඉටුවීමට අවශ්‍ය පසුබිම සැකසීම සත්‍යයකි.
අපල කාලයක් ලෙස හඳුන්වන්නේ කවරෙකු වුවද පෙර ආත්මයේ සිදු කළ අකුසල් සඳහා වන්දි ගෙවිය යුතු කාලයයි. එම කාලය උදාවීමත් සමඟ අදාළ පුද්ගලයාට විවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දීමට සිදු විය හැක. එම අහිතකර තත්ත්වය හෙවත් ගහ අපල මැඬපවත්වා ගත හැක්කේ කුමන දෙවියන්ට භාර වීමෙන් දැනෙන අපේ පැරැණි සෘෂිවරුන් පෙන්වාදී ඇත. ඒ අනුව ඊශ්වර දෙවියන්ට භාර වීමෙන් රවි අපලයද, සඳු – සමන් දෙවියන්, කුජ – කතරගම දෙවියන්, බුධ – දැඩිමුණ්ඩ දෙවියන්, ගුරු – මහා බ්‍රහ්මයා, සිකුරු – පත්තිනි දේවිය, ශනි – විෂ්ණු දෙවියන්, කේතු – කතරගම දෙවියන්, රාහු- සූනියම් දෙවියන් වශයෙන් භාරවීමෙන් ග්‍රහ අපල මඟ හැර ගත හැකිය.
අධ්‍යාපනයෙන් නියැළෙන දරුවකුගේ එම කටයුතු සාර්ථක කරගැනීමට ගණ දෙවියන් සහ සරස්වතී දේවිය, විවාහය හෝ දරුඵල සම්බන්ධයෙන් පත්තිනි මෑණියන්ට, වෙළෙඳ ව්‍යාපාර රැකීරක්ෂා දියුණුවට කතරගම දෙවියන්, සතුරු කරදර සඳහා භද්‍රකාලි මෑණියන් වැනි දෙවිවරුන්ගෙන් පිහිට ලබාගත හැකිය. අදාළ කාරණය ජෝතිෂ්‍ය වේදයකු හෝ හෝ ගුප්ත විද්‍යාවේදියකු සමග සාකච්ඡා කර කරුණු අවබෝධ කරගෙන පිහිට පැතීම සාර්ථකම ක්‍රමයයි.
දෙවියන් අපෙන් බලාපොරොත්තු වන්නේ පින් පමණකි. කුසල් රැස්කර උන්වහන්සේලාට පින් අනුමෝදන් කිරීම තුළ අපට බොහෝ සෙත සලසාගත හැකිය. එහෙත් පින් රැස් කිරීමේදී අප උන්වහන්සේලාට අයත් පාට වලින් මල් කතරගම දෙවියන්ට රතු මල්, විෂ්ණු දෙවියන්ට නිල් මල් හා පහන්, සුවඳ දුම් පූජා කිරීම ප්රමාණවත්ය. පූජා වට්ටි තබන්නේ නම් පිරිසිදු නැවුම් පළතුරු සුවඳ ආඝ්රණය කරගත හැකි පරිදි පූජා කිරීම සෑහේ. ඔබගේ කටයුතු සඵල වූ දිනක අදාළ දෙවොලට තිරයක්, පහනක්, දියුණුවට පඩුරක් ආදී හැකි පමණින් ලබාදීම ලබා දීම ප්රමාණවත්ය. එහෙත් මිනිසුන් මුළාකරන කපු මහත්තුරුන්ගේ සූරාකෑමට හසු නොවීමට වග බලාගන්න.
කෙනෙක් වෙනුවෙන් තවත් කෙනෙකුට වුවද භාර විය හැකිය. රෝගියකුගේ සුවපත් භාවය අපේක්ෂා කරමින් අපි බෝධි පූජා පවත්වා භාරවන අවස්ථාවන්ට අදාළ රෝගියා ගෙන යෑමට නොහැකිය. එවිට අප භාර වන්නේ ඔහු හෝ ඇය සුව වූ පසු ඔහු හෝ ඇය සමඟ විත් භාරය නිදහස් කරන ආකාරයටය. එහ කිසිදු ගැටලූවක් නැත. මීට අමතරව අපට යම් කාරණයක් උදෙසා පොදු වශයෙන් ද භාර වීමට හැකියාව තිබේ. නියඟය දුරුවී වැස්ස ලැබීම, වසංගත රෝග පැතිරීම වැළැක්වීම ආදිය එවැනි අවස්ථාවන් ය. කවුරුන් කෙසේ භාර වුවද තම කාර්යය ඉටු වූ පසු එය ඔප්පු කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි.
තම කාරණය ඉටු වූ පසු දෙවියන් වෙනුවෙන් වූ භාරය නිදහස් නොකොට අමතක කර දැමීම හෝ මග හැර සිටීමෙන් දෙවියන්ගේ උදහසට ලක්විය හැකිය. එයින් තමා පෙර සිට දුක්ඛිත අවස්ථාවට වඩා වැඩි පීඩනයකට පත්වේ. එය නොවැළැක්විය හැකි තත්ත්වයකි. එබැවින් කුමන කාරණයක් සඳහා වුවද සිදු වූ භාර ඒ ආකාරයෙන්ම ඔප්පු කිරීමට වගබලාගත යුතුය. සත්‍යවාදී නොවන පුද්ගලයාට දෙවියන්ගේ පිහිට නොලැබෙන බව මතක තබාගත යුතු කාරණයකි.
පූජනීය ස්ථානයකදී භාර වී එම පඬුර නිවාසවලට ගෙන එය නිදහස් කරන දිනයේ දී පින් කැටයකට දැමීම සමහරුන් පුරුද්දක් වශයෙන් සිදු කරයි. එහෙත් අපගේ නිවස යනු විවිධ කිලිකුණු දෝෂ ඇති තැන් නිසා දෙවියන් වෙනුවෙන් වෙන්කළ ප`ඩුරු පූජනීය ස්ථානයම තිබීම වඩාත් යෝග්‍යවේ. එය නිවසට ගෙන එනවා නම් භාරය ඉටුකරන දින තෙක් ඉතා පිරිසිදුව තබාගත යුතුය.
ඔබගේ ගැටලූව විසඳීම සඳහා නිවැරදිව භාරයක් වීමට නම් ජ්‍යොතිෂවේදියකු හෝ ගුප්ත විද්‍යාවේදියකු හමුවී ඔහු නියම කරන ආකාරයට නියමිත ස්ථානයට ගොස් ඔබගේ භාරය සිදු කරන්න. එහිදී පළමුව බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පහන් සුවඳ දුම් පූජා කර පංචශීලය සමාදන්ව වැඳ නමස්කාර කර ඔබ විසින් භාරය වීමට අදහස් කරන දෙවියන්ට අදාළ මල් පහන් පූජාකර ස්තෝත්ර ගායනා කර පින් අනුමෝදන් කර කහ දියරෙන් සෝදා ගත් පඬුරක් පිරිසිදු රෙදි කඩක ඔතා තම බලාපොරොත්තු වන සහනය උන්වහන්සේට කන්නලව් කර එම බලාපොරොත්තුව ඉටු වූ පසු ඔබ විසින් උන් වහන්සේට දක්වන උපහාරය සිහිපත් කර අදාළ රෙදිකඬේ කාසිය ගැටය තද කර නියමිත ස්ථානයේම එම පඬුර ගැට ගැසීමෙන් දෙවියන්ගේ දිව්‍යමය ආශීර්වාදය පිහිට ආරක්ෂාව නිබ`දව ඔබ වෙත ලබාගත හැකිය.
එකී ආශිර්වාද එලෙසම ලැබීමට නම් ඔබට දෙවියන් වෙනුවෙන් ඉටු කළ හැකි භාරයක් පමණක් වීම ප්රමාණවත්ය. ඉටු කළ නොහැකි භාර දෙවියන් වෙනුවෙන් සිදු කිරීම අනුවණ ක්‍රියාවක් බව තරයේ මතක තබා ගන්න.
ජ්‍යෝතිෂවේදී රංජන් සිසිර කුමාර
සටහන – ධම්මික හේවාවසම්