දෙවියන් වහන්සේට වටිනා පඬුරක්

85

“දෙවියන් වහන්සේට වටිනාම පඬුර දුන්නේ දේවමාතා වහන්සේයි. තමන්වම පඬුරක් බවට පත් කරගත් එතුමිය මුළු මිනිස් සංහතියේ ගැලවීම උදාකර දුන් දේව පුත්‍රයාව පඬුරක් ලෙස ඔප්පු කළා. අද අපටත් ආරාධනා කරන්නේ ශුද්ධවන්ත ජීවිතයක් තුළින් පඬුරක් වන්නටයි.”

ජාතික කතෝලික මුද්‍රණාලයේ අදියුරු බර්ට්‍රම් ජයනාත් ප්‍රනාන්දු පියතුමා එසේ පැවසූවේ වත්තල දිසාවට අයත් නායකකන්ද පාරිශුද්ධ වූ කානික්ක දේවමාතා වහන්සේගේ වාර්ෂික මංගල්‍යය දින දේව මෙහෙය විශේෂ දේශනය පවත්වමිනි.

එහිදී බාහිරින් සුදානම් වී මංගල්‍යය සැමරීමෙන් පලක් නොවන බව පෙන්වා දුන් අදියුරු පියතුමා, අප අන් අය ජීවත් කරවන, දෙවියන් වහන්සේට ප්‍රසන්න වන ජීවිතයක් බවට පත් විය යුතු බව අවධාරණය කර සිටියේය.

සන්ධ්‍යා මෙහෙය බොරැල්ල සාන්ත ඇලෝසියස් දෙව්සත්හල අදියුරු විලියම් ඉවාන්ස් පියතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබූ අතර සතියක ධර්ම විවේකය සහ නුවාන මෙහෙයන් නිමල මරිය නිකායික රන්දිල් ප්‍රනාන්දු පියතුමා විසින් මෙහෙයවනු ලැබීය.

නායකකන්ද මිසම් සේවක ප්‍රිය ජයමාන්න සහ සහායක යොහාන් ෆ්ලසි යන පියතුමන්ලාගේ අනුශාසකත්වයෙන් චාම් අරුත්බර මංගල්‍යයක් ලෙස සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment