දෙස් විදෙස් ගුවන් මගීන්ට අද මධ්‍යම රාත‍්‍රී සිට සහනයක්

864

පූර්ණ එන්නත්කරණයට ලක්වූ ගුවන් ගතවීමට පෙර සිදුකළ පීසීආර් පරීක්ෂණ යෙන් කොවිඞ් ආසාදනයවී නැති බව තහවුරුවී ඇති දේශීය සහ විදේශිය ගුවන්
මගීන්ට අද මධ්‍යම රාත‍්‍රී සිට කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළින් යළි පීසීආර් පරීක්ෂණයක් සිදු නොකර නිදහස් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබාදී ඇත.පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ විදේශිකයින් සහ විදේශ සංචාරකයිනට ජෛව බුබුලක් ලෙස සිය හෝටලය වෙත යාමට අවස්ථාව ලබාදේ. ඉන්පසු පිසීආර් පරීක්ෂණයකට ලක්කරනු ඇත.එම පරීක්ෂණයෙන් ආසාදිතයෙක් නොවන බව තහවුරු වුව හොත් ඔවුනට නිවෙස් කරා යාමට හැකිය.පසුව දින 12කින් සිදුකරන පීසීආර් පරීක්ෂණයෙන් ආසාදිතයෙක් නොවන්නේ නම් ඔවුනට සමාජ ගතවිය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment