දෙසැම්බරයේ උද්ධමනය සියයට 59.2ක්

53

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් මාසිකව නිකුත් කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව, 2022 දෙසැම්බර් මාසයේ උද්ධමනය 59.2%කි.

2022 නොවැම්බර් මාසයේදී 69.8% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2022 දෙසැම්බර් මාසයේදී 59.3%ක් දක්වා අඩු වී ඇත.

ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ද 2022 නොවැම්බර් මාසයේදී 60.4% ක් වූ අතර එය 2022 දෙසැම්බර් මාසයේදී 59.0%ක් දක්වා අඩුවී ඇත.

ආහාර කාණ්ඩය සැලකූ විට පොල්, කිරිපිටි, අලුත් පලතුරු, තේ කොළ/කුඩු, පොල්තෙල්, බිත්තර, රතුලූනු සහ කුකුළු මස් යන ආහාර ද්‍රව්‍යවල මිලෙහි වැඩිවීමක් වාර්තා වී ඇති අතර ලොකුලූනු, කරවල, සීනි, එළවළු, හාල්, තිරිඟුපිටි, පාන්, දෙහි, මයිසූර් පරිප්පු සහ අර්තාපල් යන ආහාර ද්‍රව්‍යවල මිලෙහි අඩුවීමක් වාර්තා වී ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment