දෙසැම්බරයේ උද්ධමනය 12.1%ට නගී

296

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ දෙසැම්බර් මස උද්ධමනය සියයට 12.1 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

පසුගිය නොවැම්බර් මස පැවැති උද්ධමනය සියයට 9.9 ක් විය.

මේ උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන භාණ්ඩ දෙකෙහිම භාණ්ඩවල සිදුවූ මාසික මිල ඉහළ යෑම් හේතුවී ඇත. මේ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 17.5 සිට සියයට 22.1 දක්වා සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 6.4 සිට සියයට 7.5 දක්වා ද ඉකුත් දෙසැම්බර් මාසයේදී වැඩි වී ඇත. මේ අනුව දෙසැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයේ ඇති එළවළු වර්ග, මාළු සහ අමුමිරිස් මිල ගණන් සැලකිය යුතු ඉහළ ගොස් තිබේ.

එසේම ආහාර නොවන කාණ්ඩය තුළ ඇති ආපනශාලා හා හෝටල්, පෙට‍්‍රල්, ඞීසල්, කුලී රථ සහ ති‍්‍රරෝද ගාස්තු මෙන්ම මත්පැන් හා දුම්වැටි යන අයිතමයන්ගේ මිල ගණන්ද දෙසැම්බර් මාසය තුළ වැඩිවී ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මස පැවැති 150.7 සිට දෙසැම්බර් මාසයේදී 154.7 දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment