දෙසැම්බර් පළමු සතියේ විදෙස් සංචාරකයෝ 16,169 ක් ලංකාවට ඇවිත්

91

මේ වසරේ (2022) දෙසැම්බර් පළමු සතිය තුළ විදෙස් සංචාරකයන් 16169 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මෙම දින හතෙන් දෙසැම්බර් 06 වැනිදා හැරෙන්නට සෙසු සෑම දිනයකම 2000 ඉක්මවූ සංචාරකයන් සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති අතර දෙසැම්බර් 01, 02 සහ 03 යන දිනවල එක් එක් දිනයේ පැමිණි සංචාරකයන් ප්‍රමාණය 2500 සීමාව ඉක්මවා තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා මගින් අනාවරණය කර ඇත.

මෙහිදී 3404 ක් වූ වැඩිම සංචාරකයන් ප්‍රමාණය රුසියාවෙන් පැමිණ ඇති අතර දෙවනුවට වැඩියෙන් ඉන්දියාවෙන් 2,586 ක සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත.

මෙම සංඛ්‍යාවත් සමඟින් 2022 වසරේ දෙසැම්බර් 07 වැනිදා දක්වා කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයන් සංඛ්‍යාව 644186 ක් බව ද එම දත්ත වාර්තාවල දැක්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment