දෙසැ. 3දා විදුලිය බිඳ වැටීමට ඉංජිනේරුවන් 4ක් අත්අඩංගුවට ගැනීම නූලෙන් වැළකේ

316

රටම අදුරේ හෙළමින් ඉකුත් දෙසැම්බර් 03 වැනිදා සිදු වූ විදුලිය බිඳවැටීම පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය ඒ සම්බන්ධයෙන් සැකපිට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට සූදානම් වුවද අවසන් මොහොතේ එය නතර කිරීමට පියවර ගෙන තිබේ.

විදුලිබල මණ්ඩලයේ සේවකයන් පවසන්නේ මණ්ඩලයේ ඉහළම තනතුරක මැදිහත් වීමෙන් එය සිදු කෙරුණු බවය. කොත්මලේ බලාගාරයේ විදුලි ධාරාව ජාතික පද්ධතියට එක් කිරීමේදී එය පාලනය කිරීමට ඇති යන්ත‍්‍ර දෙකක පාලනය වෙනස් කර පද්ධතියේ සමබරතාව බි`දවට්ටවා මෙම විදුලි බි`දවැටීම සිදු කර තිබෙන බවද මේ වන විට අනාවරණය වී ඇත.

පද්ධතියේ සමබරතාව බිඳ වැටීමත් සම`ග එය පූර්ණය කිරීමට අනෙකුත් යන්ත‍්‍ර අධි ධාවනයක යෙදීම නිසා නොරෝච්චෝලේ බලාගාරයේ යන්ත‍්‍ර දෙකක්ද අකී‍්‍රය වී රටේම විදුලිය බි`දවැටී තිබේ.

මේ වන විට එසේ අක‍්‍රී‍්‍රය වූ නොරොච්චෝලේ

බලාගාරයේ එක් යන්ත‍්‍රයක් යළි සකස් කර තිබුණද අනෙක් යන්ත‍්‍රය මෙතෙක් නැවත සකස් කිරීමට නොහැකි වී ඇති අතර ඒ ස`දහා රුපියල් මිලියන 22 ක පමණ මුදලක් වැයවනු ඇතැයිද ගණන් බලා ඇත. නොරොච්චෝලේ

බලාගාරයේ එක් යන්ත‍්‍රයක් මේ දක්වාම අකී‍්‍රය වී තිබියදී

පසුගියදා කැලණිතිස්ස බලාගාරයේ ෆියට් 115 දරන ටර්බයිනය ද නොසැලකිල්ල හේතුවෙන් අකී‍්‍රය වීම සහ තවත් කුඩා ටර්බයින දෙකක් අකී‍්‍රය වීමද වත්මන් විදුලි අර්බුදයට ප‍්‍රධාන හේතුවක් වී ඇති බව විදුලිබල පොදු සේවක සංගමය ස`දහන් කරයි.

කැලණිතිස්ස බලාගාරයේ ෆියට් 115 යන්ත‍්‍රය අකී‍්‍රය වූයේ එය අධික ලෙස රත්වී තිබියදී අඛණ්ඩව එය කි‍්‍රයාත්මක කිරීම නිසා බවද එම සංගමය ස`දහන් කරයි.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment