දෙහැවිරිදි දරුවා මුහුදේ ගසාගෙන ගිහින්

648

දුන්ගාල්පිටිය වෙරළ ආසන්නයේ පදිංචි තරුණ යුවළකගේ අවුරුදු 2යි මාස 4 ක් වියැති එකම දරුවා මුහුදු රළ පහරට අසුවී අතුරුදන් වී ඇත. මෙම සිද්ධිය පිළිබඳව මූලික පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මෙම අතුරුදන්වීම (18 දා) සවස 4.30 ට පමණ සිදුව ඇති බවය.

මුහුද අද්දර පිහිටි නිවසේ දෙමාපියන් නිවසේ වෙනත් කටයුත්තක යෙදී සිටියදී කුඩා දරුවා ආයාසයෙන් මුහුදු වෙරළට ගොස් ඇත. එවිට එහි ළඟාවූ විශාල රළ පහරකින් දරුවා මුහුදට ඇදී ගොස් අතුරුදන්ව ඇත. ඒ බව මුහුදු වෙරළට මදක් දුරින් සිටි අසල්වැසියකු දැක දරුවාගේ දෙමාපියන්ට දැනුම්දී ඇත. සිරුර මෙතෙක් හමුවී නොමැත. දුන්ගාල්පිටිය පොලිසිය පරීක්‍ෂණ සිදුකරයි.

 මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment