දෙහිඅත්තකණ්ඩිය ඉන්ධන හලේ  – ආරක්‍ෂාවට සිටි යුද හමුදා සෙබළා වෙඩි තබාගෙන දිවි නසාගනී

214

දෙහිඅත්තකණ්ඩිය ඉන්ධන හලෙහි ආරක්ෂාව සඳහා යොදවා සිටි හමුදා සෙබළෙකු ඉන්ධන බවුසරය නවත්වන විටදීම රාත්‍රී 12.30 ට සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇත.

දෙහිඅත්තකණ්ඩිය ඉන්ධන හලේ  - ආරක්‍ෂාවට සිටි යුද හමුදා සෙබළා වෙඩි තබාගෙන දිවි නසාගනී

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 23 වන සිංහ රෙජිමේන්තුවට අයත් පොතුවිල් හමුදා අනුඛණ්ඩය මගින් සේවයේ යොදවා සිටි සෙබළ 387569 අංක 14, සේනපුර, උටිගොඩ පදිංචි දයාරත්න (19) වියැති අයෙකි. මෙම හමුදා සෙබළා යුද්ධ හමුදාවට සේවයට එක් වී වසර එකයි මාස දෙකක් ගතවී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.

ඉන්ධන ලබා ගැනීම සඳහා විශාල පිරිසක් පෝළිමේ සිටියදී මෙම සිද්ධිය සිදුවී ඇති අතර දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් වාසළ මෙනෙවිය විසින් 23 දින දෙහිඅත්තකණ්ඩිය ඉන්ධනහලට ගොස් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විය.

දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති රත්නායක පො.සැ. 79127 සඳරුවන් පො.සැ. 47055 විජේරත්න පො.කො. 68155 ප්‍රියන්ත පො.කො. 60937 චතුරංග යන මහත්වරු සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

දෙහිඅත්තකණ්ඩිය රණතුංග – ප්‍රසන්න සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment