දෙහිඅත්තකණ්ඩිය මාවනාගම ග්‍රාම නිලධාරිවරයා තෙල් පෝළිමේ සිට ජනතා සේවයට

370

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන්ගේ හිඟකම නිසා එක ග්‍රාම නිලධාරියකුට වසම් දෙක තුනක රාජකාරි කිරීමට සිදු වේ. රටේ ඇති වී තිබෙන තෙල් අර්බුදය දෙහිඅත්තකණ්ඩියටත් බලපා ඇත. ග්‍රාම නිලධාරි මහත්වරුන්ට උපතේ සිට මරණය දක්වාම අත්‍යාවශ්‍ය සේවා කිරීමට සිදුවෙන අතර ඔවුනට තෙල් පෝළිමේ සිට ජනතාවට සේවය කිරීමට සිදු වී ඇති සෙයකි.

දෙහිඅත්තකණ්ඩිය මාවනාගම ග්‍රාම නිලධාරි එස්.ඩබ්.ඕ.එම්. ජයනාග මහතා සඳුන්පුර ඉන්ධන හලේ තෙල් පෝලිමේ සිට ජනතාව අපහසුතාවකට පත් නොකර රාජකාරි කිරීම පිළිබඳ ජනතාවගේ ප්‍රසාදය ඔහුට හිමිව තිබේ.

දෙහිඅත්තකණ්ඩිය – රණතුංග

advertistmentadvertistment
advertistmentadvertistment