දෙහිවල ගෑස් පෝලිමේදීත් පුද්ගලයෙක් සිහිසුන් වෙයි

141

දෙහිවල, ගාලුපාර වෛද්‍ය පාර ඉදිරිපිට පිහිටි ගෑස් අලෙවි වෙළෙඳසලකට ගෑස් ලබා ගැනීම සඳහා පැමිණි වයෝවෘද්ධ පුද්ගලයකු සිහිසුන්ව බිම ඇද වැටීම නිසා ප‍්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහල ඇතුළත් කර ඇත.

21 වැනිදා උදෑසන 7.00 සිට ගෑස් පැමිණෙන තුරු දහවල් 12.00 පමණ වනතුරු රැදී සිටි මොහු හදිසියේ ක්ලාන්තවී ඇදවැටී සිහිසුන්වී සිටි අවස්ථාවේ 1990 ගිලන්රථ සේවාව මගින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

දෙහිවල ගෑස් පෝලිමේදීත් පුද්ගලයෙක් සිහිසුන්  වෙයි

ඉකුත් 21 දින මෙම අලෙවි සලට ගෑස් පැමිණෙන බවට පැතිර ගිය ආරංචියට අනුව විශාල ජනතාවක් උදෑසන 7 සිට එක්රැස්වී සිටිනු දක්නට ලැබුණ ද දහවල් 1.00 වනතුරුත් ගෑස් නොපැමිණීම නිසා හිස් අතින් ආපසු යනු දක්නට ලැබිණි.

පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment