දෙහිවල ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

241


දෙහිවල රෝහල් පාර ප්‍රදේශයේදී පිරිසක් විසින් පුද්ගලයින් දෙදෙනෙකුට පහරදී එක් පුද්ගලයෙක් ඝාතනය කර අනෙක් පුද්ගලයාට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 14 දෙනා මෙම මස 23 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

සැකකරුවන් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිව සිටි ඩිල්ෂාන් රංග කුමාර නැමති 27 හැවිරිදි පුද්ගලයෙකි.

දෙහිවල ප්‍රදේශයේ වායු වායුසමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන ස්ථානයක් වෙත අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු පැනයෑමට උත්සාහ කිරීමේදී පහර දී මෙල්ල කර රඳවා තබා ගත් බව පවසා සැකකරුවන් එම පුද්ගලයන් දෙදෙනා පොලීසිය වෙත ඉදිරිපත් කර තිබූ බව පොලිස් නිලධාරීහු පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment