දෙහිවල සත්වෝද්‍යානයට නව උරග විශේෂ කිහිපයක්

661

කොරෝනා උවදුරෙන් පසු දෙහිවල ජාතික සත්වෝද්‍යානය මහජනතාව සඳහා විවෘත කෙරුණ අතර නව උරග විශේෂ කිහිපයක් මහජන ප‍්‍රදර්ශනයට එක්ව තිබීම විශේෂත්වයකි.

ඒ අතර නැගෙනහිර අප‍්‍රිකාව නිජබිම කරගත් මාරාන්තික විෂ සහිත රතු විෂ විදින නාගයා විශේෂත්වයත් දක්වයි.

අවුරුදු 15 – 20 ආයු කාලයක් හිමි මෙම නාගයාගේ වැඩුණු සත්වයෙකු අඩි පහක දිගකින් යුක්ත වන අතර පැටවුන් බෝ කිරීම බිත්තර මගින් සිදුකරනු ලබයි. අනතුරකදී ක්ෂණයකින් ඉහළට එසවී පෙනය විහිදුවා අනතුරු හඟවා අඩි අටක 8 – 10 ක දුර සිට සතුරාගේ දෙඇස් වෙත විෂ විඳීමේ හැකියාවක් ඇත.

පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment