දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයන්ට ඇන්ටිජන්.. එක් එයෙක් පොසිටිව්

111

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහ දූපතේ ‘කේසර’ නමැති සිංහයාට කොවිඞ් ආසාදනය වීමේ සිද්ධියත් සමග එම සත්වෝද්‍යානයේ හා ඉදිකිරීම් වැඩබිමේ සිටි සේවකයන්ට ඊයේ (18 වැනිදා* දිනයේ සිදුකළ රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂාවන්වලදී සත්වෝද්‍යාන සේවකයකුට කොවිඞ් ආසාදනය වී ඇති බවට හෙළිවී ඇතැයි සත්වෝද්‍යාන ආරංචි මාර්ග පවසයි.
 
 එම සේවකයා ඊයේ දිනයේ රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබිණි.
 
 ඊයේ දිනයේ දෙහිවල සත්වෝද්‍යානයේ හා එහි වැඩබිමේ සේවකයන් 30 දෙනකුට පමණ රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂාවන් සිදුකර තිබේ.
 
 මෙම සිද්ධියත් සමග සත්වෝද්‍යානයේ වැඩබිම තුළ සිදුකෙරුණු සියලූ කටයුතු නතර කර තිබේ.
 
 මෙම සිදුවීම පිළිබඳ පරීක්‍ෂණ සිදු කිරීමට ඊයේ දිනයේ වසංගත රෝග විද්‍යා අංශයේ නිලධාරීහු කණ්ඩායමක් දෙහිවල සත්වෝද්‍යානයට ගියහ.
 
 එසේම අනෙක් සතුන් ද නිරෝධායනය වෙමින් සිටින බවත්, ඉදිරියේදී තවත් සතුන්ගේ පී. සී. ආර්. පරීක්‍ෂණ සිදුකිරීමට නියමිත බවත් එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.
 
 මෙම තත්ත්වයත් පිළිබඳ තවදුරටත් තොරතුරු දැනගැනීමට දෙහිවල සත්වෝiානයේ බලධාරීන්ගේ ජංගම දුරකථනවලට ඇමතුම් කීප අවස්ථාවකදීම ගත්තත් ඊට ප‍්‍රතිචාර නොදැක්වීය.

 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, පින්සිරි ආරියරත්න – රත්මලාන, ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment