දෙහිවල සතුන්ගේ මාස පහක කෑමට රජයෙන් රු. මිලියන 20 ක්

77

ඉදිරි මාස පහ සඳහා දෙහිවල සත්වෝiානයේ සතුන්ගේ කෑම වෙනුවෙන් රුපියල් මිලියන 20 ක් ලබාදීමට රජය තීරණය කර ඇත.

පවතින ආර්ථික අර්බුදය මත දෙහිවල සතුන්ට ආහාර සැපයීමට මුදල් හිඟ වූ අතර දේශීය හා විදේශීය නරඹන්නන් අඩුවීම නිසා සත්වෝද්‍යානයේ දෛනික ආදායම ද අඩුවී තිබිණි.

කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්‍ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා සත්වෝiානයේ ගැටලු සොයා බැලීම සඳහා නිරීක්‍ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව රුපියල් මිලියන 20 ක් ලබාදීමට මහා භාණ්ඩාගාරය එකඟතාව පළ කළ බව ඇමැතිවරයා සඳහන් කළේය.

නඩු භාණ්ඩ ලෙස නම් කෙරුණු සතුන් විශාල පිරිසක්ද සත්වෝiානය මගින් නඩත්තු කෙරෙන අතර දෙහිවල සත්වෝiානයේ සතුන්ගේ ආහාර වෙනුවෙන් වාර්ෂිකව රුපියල් ලක්‍ෂ 450 ක් පමණ වැයවන බව සත්වෝiාන නිලධාරීහු ඇමැතිවරයාට මෙහිදී සඳහන් කළහ.

අරුණ බෝගහවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment