දෙහිවල සතුන් වත්තේ ආදරය පල දරලා

340

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 
 පවතින කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට තාවකාලිකව වසා දමා ඇති දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සතුන් කීපදෙනකු පැටවුන් බිහිකර අතැයි එහි ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට ඊයේ (17 දා* පැවසීය.
 
 ඒ අනුව සුදු මොනරුන් පැටවුන් දෙදෙනකු ද, සීබ‍්‍රා පැටවෙක් ද, කළු හංසයා පැටවුන් පස්දෙනකු ද, සෙන්ට් හෝම්ස් ඔරිටස් ගවයා පැටවෙක් ද, නිල් මාල ගිරවා පැටවුන් දෙදෙනෙක් ද, ලයරු ගිරවා පැටවුන් තුන්දෙනෙක් ද බිහි කර ඇතැයි හෙතෙම කීය. පවතින සංචරණ සීමා හේතුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයට නරඹන්නන් නොපැමිණෙන නිසා සත්වෝද්‍යානයේ සතුන් බොහොම නිදහසේ කාලය ගෙවමින් සිටින බව ද හේ කියා සිටියේය. සතුන්ට අවශ්‍ය ආහාර පාන දවසේ තුන් වතාවක් ලබාදෙන බවත්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ද පශු වෛද්‍යවරුන් නිතර සෙවිල්ලෙන් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් කීය.

advertistmentadvertistment
advertistmentadvertistment