දෙහිවල සතුන් වත්තේ ජිරාෆ් ගැහැනු සත්වයෙක් මියගිහින්

193

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් ගැහැනු සත්වයන් තිදෙනා අතරින් අවුරුදු 19 ක් වයසැති ගැහැනු සත්වයකු (22) වන දින අළුයම 5.30 ට පමණ හදිසියේ මියගොස් ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙකු පැවසීය.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අවුරුදු 19, 21 හා 23 වශයෙන් ජිරාෆ් ගැහැනු සතුන් තිදෙනකු වාසය කරන අතර එයින් 19 වන වියේ පසුවන බාලම ගැහැනු සත්වයා එදින උදෑසන ආරක්ෂක නිලධාරීන් රාජකාරී පරීක්ෂණ කටයුතු සඳහා යන අතරවාරයේ එම සත්වයින් සිටින එළිමහන් පිට්ටනියේ වැතිර සිටිනු දැක පාලනාධිකාරිය දැනුවත් කරනු ලැබ ඇත. ජිරාෆ් සතුන් අප්‍රිකානු වනාන්තර නිජබිම කරගන වාසය කරන අතර ආයු කාලය අවුරුදු 25 – 30 ක් වන බවත් ශාක කොල වර්ග හා පලතුරු වර්ග එළවළු වර්ග ආහාරයට ගන්නා බවත් එම ප්‍රකාශකයා තවදුරටත් පැවසීය. යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවූ මෙම ජිරාෆ් පැටවා මිය යාමට හේතුව අනාවරණය වී නොමැති අතර සත්වෝද්‍යාන පශූ වෛද්‍යවරුන් මරණ පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
පින්සිරි ආරියරත්න රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment