දේවස්ථානය දැන් පන්සලක්…. පූජා කලේ ඇමරිකානු වෛද්‍යවරයෙක්

2002


 
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ලංකාරාම විහාරස්ථානය එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ පමනක් නොව ඇමෙරිකානුවන් ඇතුළු තවත් බොහෝ දෙනකුගේ වන්දනාමානයන්ට ලක්වන බෞද්ධ මධ්‍යස්ථානයක්ය. එම පූජා භූමිය ආශ‍්‍රිතව දිනපතා සිදුවන දාන, ශීල, භාවනා ආදී පුණ්‍ය කටයුතු පිළිබඳව පැහැදීමට පත්වන විදේශිකයන් බොහෝය. ඔවුන් තුළ නිර්මල බුදු දහම කෙරෙහි අප‍්‍රමාණ ගෞරවයක් ඇති කිරීමට ලංකාරාම විහාරාධිපති තලංගම දේවානන්ද හිමියන් විසින් සිදුකරන ආගමික ශාසනික මෙහෙවර ද ඉවහත්ය. ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ලංකාරාමයේ මෙන්ම ඇමෙරිකාවේ පිහිටි ඉන්ඩියානා බෞද්ධ විහාස්ථානයේ උභය විහාරාධිපති කෝට්ටේ රාජමහා විහාරයේ විහාරාධිකාරී තලංගම දේවානන්ද හිමිපාණන්ගේ පුණ්‍ය කටයුතු පිළිබඳව සිත් පහදා ගත් විදේශිකයන් විශාල පිරිසක් මේ වන විට බුදු දහම කෙරෙහි යොමු වී අවසන් ය. එලෙස බෞද්ධයන් බවට පත් ඇමෙරිකානුවන් අතර, ප‍්‍රකට වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ජනප‍්‍රිය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුළු වෙනත් වෘත්තිකයන් ද ඇතුළත් ය. ඔවුන් විහාරස්ථානයේ අභිවෘද්ධිය පිණිස ද නිරන්තරයෙන් අතහිත දෙන පිරිසක් වෙති. ආගමික උත්සව, පිංකම් ආදියේදී සුදුවතින් සැරසී ඒ සඳහා සහභාගිවීම, විහාරස්ථානයේ අලූත්වැඩියා කටයුතු පිණිස නිර්ලෝභීව දායකත්වය සැපයීම ඒ අතරින් ප‍්‍රධාන තැනක් ගනී. එවැනි වටපිටාවක් තුළ සිදුකළ වෙනස්ම ආකාරයේ පූජාවක් පසුගිය ජූලි මස 17 වැනි දින ඇමරිකාවේ ඉන්දියානා විහාරස්ථානයෙන් වාර්තා විය.
 
 එම අසිරිමත් පුණ්‍යකර්මය පිළිබඳව ලොස් ඇන්ජලීස් ලංකාරාමය හා ඉන්දියාන් බෞද්ධ මධ්‍යස්ථාන උභය විහාරාධිපති තලංගම දේවානන්ද හිමිපාණන් වහන්සේගෙන් විමසීමේදී උන්වහන්සේ සඳහන්කර සිටියේ එය පුණ්‍යකර්මයක් පමණක් නොව ලෝක ආගමික සමගිය පිළිබඳව මෑතකදී සිදුවූ උතුම්ම ආදර්ශයක් මෙම ප‍්‍රදානය හරහා ලොවක් හමුවේ ප‍්‍රදර්ශනය වූ බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තලංගම දේවානන්ද හිමිපාණන්,
 
 ‘මේ සිද්ධිය වෙන්නේ පසුගිය මාසේ ජූලි 17 වැනිදා. එදා ඉන්දියානා විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම පැවති දවස. සෑම වර්ෂයකම මේ සඳහා විශාල සැදැහැවතුන් පිරිසක් සහභාගි වෙනවා. එදා තමයි ඇමරිකානු ජාතික වෛද්‍යවරයෙක් එතෙක් කලක් ඔහු සතුව පැවති දේපළක් වන ඉපැරණි ත්‍්එයැර න්‍දයබ නමින් හැඳින්වෙන දේවස්ථානය සඟ සතු කරල පුජා කරන්නෙ. ඔහු ඇත්ත බුදු දහමෙ ඇති ප‍්‍රධාන ඉගැන්වීම්වලට ඉතා කැමැත්තක් දැක්වු පුද්ගලයෙක්. ඒ වගේම වස් කාලය කියන්නේ මොකක්ද ඒ කාලය ඇතුළත දායක පිංවතුන් ශාසනික වශයෙන් කළ යුත්තේ කුමක් ද නොකළ යුත්තේ කුමක් ද පිළිබඳ හොඳ අවබෝධයක් සහිතව ජීවත් වූ සුදු ජාතිකයෙක්.’
 
 ඒ අවබෝධයත් එක්ක තමයි ඇමරිකාවේ ධයසද නගරයේ ඉදිකරල තිබුණ මේ රමණීය දේවස්ථානය භාවනා මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරන්න කියන ඉල්ලීමත් එක්ක විශාල පිරිසකගේ සාධු නාදය මැද්දේ පරිත්‍යාග කළේ.
 
 බුදු දහමේ හරයත් එහි වටිනාකමත් නිවරදිව හඳුනාගත් මෙම වෛද්‍යවරයා තමන් විසින් සිදුකළ ධර්ම ප‍්‍රදානය පිණිස කිසිදු ප‍්‍රසිද්ධියක් අපේක්‍ෂා නොකිරීම ද මෙහි ඇති තවත් විශේෂත්වයක් ය.
 
 නිරෝගීකම පිණිස කරුණාව, දයාව, මෛත‍්‍රිය මහත්සේ උපකාරී වන බව දැඩි සේ විශ්වාස කරනු ලබන මෙම වෛද්‍යවරයා මෙම ප‍්‍රදානය මගින් විශේෂයෙන් ම අපේක්‍ෂා කර සිටින්නේ ඉදිරියේදී තමන් විසින් පරිත්‍යාග කරන ලද දේවස්ථානය භාවනා මධ්‍යස්ථානයක් බවට පත්වන ආකාරය දැක බලා ගැනීමය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment