දේශගුණික විපර්යාසයන් පිළිබඳ ග්ලාස්ගෝ සමුළුවේදී ගල් අඟුරු භාවිතය සීමා කිරීමට එකඟතා

105

ඉකුත් සිකුරාදා (12දා) දිනයේ අවසන් වූ ලොව පුරා දැඩි අවධානයක් යොමුව තිබූ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ පැවති ‘‘කෝප් – 26-දේශගුණික විපර්යාසයන් පිළිබඳ ගෝලීය පරිසර සමුළුවේදී ” දේශගුණික විපර්යාසයන් අවම කරලීම සඳහා පරිසරයට මුදා හැරෙන කාබන් ප‍්‍රමාණය අඩු කරලීමේ අරමුණින් ගල් අඟුරු භාවිතය සීමා කිරීම සඳහා කැප වී ක‍්‍රියා කිරීමට රජයන් එකඟ වී තිබේ.

එමෙන්ම ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5 මටටමේ තබා ගැනීමේ ඉලක්කය කරා ළඟා වීම සඳහා ලබන වසර වන විට නැවත කාබන් ඇතුළු විෂ වායුන් පරිසරයට මුදා හැරීම කපා හැරීම සඳහා වන සැලසුම් විමසා බැලීමටත්, ගෝලීය උණුසුම අවම කරලීමට ගත යුතු ක‍්‍රියාමාර්ගයන් ගැනීම සඳහා දියුණු වෙමින් පවතින රටවලට මූල්‍ය ආධාර සැපයීමටද මෙම සමුළුවට සහභාගි වූ රජයන් 200ක් පමණ නියෝජනය කර නියෝජිතයන් එකඟත්වය පළ කර තිබේ. සති දෙකක කාලයක් මුළුල්ලේ ග්ලාස්ගෝ නගරයේ පැවති පරිසර සමුළුවේදී පිටු හතකින් යුතු ගෝලීය උණුසුම අඩු කරලීමේ ඉලක්කයන් කරා ළඟා වීමට ගත යුතු ක‍්‍රියාමර්ගයන් පිළිබඳ වාර්තාවක් එළි දැක්වූ අතර ඒ පිළිබඳව අවසන් දින දෙකේදී පුළුල් වශයෙන් සාකච්ජා සිදු වී තිබේ. මෙම සමුළුවේදී වසර 2030 වන විට පරිසරයට මුදා හැරෙන කාබන් ඇතුළු හරිතාගාර වායුන් ප‍්‍රමාණය ගිගා ටොන් 41,9 කින් අඩු කරලීමට එකඟත්වය පළ වී තිබේ. සමුළුවට පෙර රටවල් එකඟ වී තිබුණේ මුදා හැරෙන එම වායුන් ගිගා ටොන් 52,4 කින් කපා හැරීමටය.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment