දේශගුණික විපර්යාස අවම කරලීමට කැලිෆෝර්නියාව පෙට්‍රල් වාහන තහනම් කිරීමට යයි

178

දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම අවම කරලීම සඳහා පෙට්‍රල් පමණක් භාවිත කරන වාහන අලෙවිය වසර 2035 වන විට තහනම් කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තය විසින් තීරණය කර තිබේ.

මෙම තීරණය හරහා මෝටර් රථ නිෂ්පාදකයන්ට වඩාත් පරිසර හිතකාමී වාහන නිපදවීම වේගවත් කිරීම සඳහා බල කිරීමක් සිදු කෙරෙන බව කැලිෆෝර්නියානු බලධාරීහු පවසති. මෙම පෙට්‍රල් පමණක් භාවිත කරන මෝටර් රථ අලෙවි කිරීම තහනම් කිරීමේ නීති රීති හඳුන්වා දෙමින් කැලිෆෝර්නියාවේ වායු සම්පත් මණ්ඩලය පවසා ඇත්තේ වසර 2026 වන විට ප්‍රාන්තයේ අලෙවි කරනු ලබන නව මෝටර් රථවලින් සියයට 35ක් හයිබි්‍රඩ්, විදුලි හෝ හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියා කරන මෝටර් රථ විය යුතු බවයි. මෙම ප්‍රතිශතය වසර 2030දී සියයට 68ක් දක්වාද වසර 2035 වන විට සියයට 100 ක් දක්වාද වැඩි කළ යුතු බව එම නීති රීති මාලාවේ සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment