දේශපාලක වුවමනාවන්ට නතු නොවුණු නිසා ඇතැමුන් මට විරුද්ධව ජනපතිට ගතු කීවා – නැඟෙනහිර හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්

688

ආණ්ඩුකාර ධුරය දේශපාලන පත්වීමක් වුවත්, එම ධුරයට පත්වූ පසු නිර්පාක්‍ෂිකව හා සෘජුව කටයුතු කිරීම මගේ ප්‍රතිපත්තිය වුණා. ජනතාව ඒ බව දන්නවා.

එහෙත් ඇතැම් දේශපාලකයන්ට ඔවුන්ගේ න්‍යාය පත්‍ර අනුව මාව හසුරුවාගන්න බැරිවීම මට ආණ්ඩුකාර ධුරය අහිමි වීමට හේතු වන්නට ඇතැයි සිතනවා’ යැයි නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ‘දිවයින’ට ඊයේ (16 දා) පැවසුවාය.

සෑම පුරවැසියකුටම රජය ලබාදෙන මූලික ප්‍රතිලාභ සමානව භුක්ති විඳීමේ අයිතිය තිබෙනවා. එම හිමිකම දේශපාලනීකරණය නොවිය යුතුයි ස්ථාවරයේ මම සිටිනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිවාදයක් මගේ රාජකාරියට අදාළ වුණේ නැහැ. සමහර දේශපාලකයන්ට ඔවුන්ගේ වුවමනාවන්ට මාව නතුකර ගත නොහැකි වුණා. ඔවුන් පසුගිය වසර තුනේම හිටපු ජනාධිපතිවරයාටත් වත්මන් ජනපතිවරයාටත් මට විරුද්ධව විවිධ කතා කියමින් මාව ඉවත් කරවන්න උත්සාහ ගත්තා. මගේ හෘද සාක්‍ෂිය හා ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා අපට ඉවත් වන ලෙස දැනුම් දුන්නා. එය ඉතා නිහතමානීව භාර ගන්නවා. අපි එසේ කිරීමට බැඳී සිටිනවා යැයි ද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කීවාය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment