දේශපාලඥයින්ට ගුවන් විදුලි සහ රූපවාහිනී දොර වැසේ

3199


සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා අද සිට සිය ප්‍රවෘත්ති විකාශයන්දී හැර ප්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන් වලට දේශපාලඥයින් සහභාගී කරගැනීම නතරකර ඇත.ඒ වෙනුවට වෘත්තිකයින්,තාක්ෂණවේදීන් සහ විෂය ක්ෂේත්‍රවල ප්‍රවීනයින්ට ප්‍රමුඛතාවය ලබාදීමට තීරණය කර තිබේ. රට තුළ පවතින ආර්ථික අර්බුද විසඳීමට අදාල ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට සියලුම දේශපාලන පක්ෂවලට බලපෑම් කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ශ්‍රී ලංකා විකාශකයන්ගේ සංසදය පවසයි.එසේම සියලු වැඩසටහන් වලට ප්‍රමුඛතාවය වන්නේ ආර්ථික,දේශපාලනික, සහ සමාජයීය අර්බුද පිළිබදව ජනතාව දැනුවත් කිරීම යැයිද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment