දේශපාලනඥයන් පැත්ත පළාතේ එන්න එපා-මල්වතු නාහිමි

553

කිසිදු දේශපාලනඥයෙකුට තමන් වහන්සේ බැහැ දැකීම සඳහා අවසර ලබා නොදීමට මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් තීරණය කර ඇත.

ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ පූර්ණ එකඟතාව මත පවතින අර්බුදයෙන් රට මුදවා ගැනීම පිණිස තාවකාලිකව සර්වාපක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනා හයක් ඇතුළත් කර ජනපතිලඅගමැති හා පක්ෂ නායකයින් වෙත ඉදිරිපත් කරන ලද ලියවිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මහනාහිමියෝ මෙම තීරණයට එළඹ තිබේ.

විසිඑක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සමගි ජන බලවේගය මගින් ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් ලියවිල්ල මහනාහිමිවරුන්ට පිළිගැන්වීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පසුගියදා මහනුවරට පැමිණි අවස්ථාවේ ඒ මහතාට මල්වතු මහනාමිහියන් බැහැදැකීම සඳහා අවසර නොලැබිණි.

අස්ගිරි මහනාහිමියන් පමණක් බැහැදැක අදාළ ලියවිල්ල පිළිගැන්වීමට ඒ මහතාට සිදුවියග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක්ද පසුගිය 29 දින මල්වතු මහනාහිමියන් බැහැදැක පවතින අර්බුදය සම්බන්ධයෙන් ඔවුන්ගේ යෝජනා ඇතුළත් ලියවිල්ලක් පිළිගැන්වීමට අවසර ඉල්ලා ඇති අතර ඔවුන්ටද මහනාහිමියන් වේලාවක් ලබාදී නොමැතග පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් කැඳවා පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ත්‍රෛනිකායික මහනායක හිමිවරු තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment