දේශපාලනයට එනවාද කියා ‘හෙට’ තීරණය කරනවා – රංගන ශිල්පිනී දමිතා කියයි

222

රටේ පවතින තත්ත්වය හමුවේ දේශපාලනයට පිවිසෙනවාද? නැද්ද? යන්න පිළිබඳව තමා හෙට දවසේ තීරණය කරන බව ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය “දිවයින”ට පැවසුවාය.

එහෙත්, තමා දේශපාලනයට පිවිසීමට මෙතෙක් ස්ථීරවම තීරණයක් ගෙන නොමැති බවද ඇය සඳහන් කළාය. තවදුරටත් කතාකළ දමිතා අබේරත්න මහත්මිය මෙසේ ද කියා සිටියාය.

දේශපාලනයට එන්න මා තුළ කවදාවත් සිතුවිල්ලක් තිබුණේ නැහැ. මට මේ රටේ වෙච්ච ආසාධාරණය දැනෙනවා. ස්වාධීන මනුස්සයෙක් විදිහට නැගිටින්න නැගිටින්න ඔළුවට ගහන රටක් මේක. සත්‍යය වෙනුවෙන් පෙනී හිටින්න බැරි සත්‍යය කතා කරන තැන්වලදී අපිට ඔළුවට ගහල ගහල කුඩුපට්ටම් කරන්න හදන රටක්. එතකොට පාට පක්‍ෂ එක්ක හිටගත්ත බොහෝ දෙනෙක්ව රැකෙනවා. මම හිතන්නේ නැහැ ඒක හරියි කියලා. හැබැයි හෙට දවසේ දේශපාලනයට එනවාද නැද්ද කියලා මට තීන්දුවක් ගන්න වේවි. හරිම සාධාරණම තැනක හිටගන්න මම තවම තීන්දුවක් අරගෙන නෑ. හෙට දවසේ මම එහෙම තීන්දුවක් ගනීවී යන විදිහට.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment