දේශපාලනයට එන්න තුන්හිතකවත් නෑ

419

මෙරට දේශපාලනයට සම්බන්ධ වීමට කිසිදු අදහසක් නැතැයි ජනප්‍රිය ක්‍රීඩකයෙකු මෙන්ම මානව හිතවාදියකු ලෙස කීර්තියක් දිනා සිටින රොෂාන් මහනාම මහතා පැවසීය.

දේශපාලනයට පැමිණෙන ලෙස අවස්ථා කිහිපයකදී විවිධ පාර්ශ්ව ඉල්ලා සිටියත් තමා එයට එකඟ නොවූ බවද ද්‍රරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන්ගේ යහපත උදෙසා රොෂාන් මහනාම භාරය නමින් අරමුදලක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහානාම මහතා පෙරේදා (04 දා) පැවසීය.

දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, නිරෝගී ජීවිතයක් හා තම ජීවිතය කැමැති පරිදි හැඩගන්වා ගැනීමට අවස්ථාවක් උදාකරදීම අරමුණු කරගෙන මෙම අරමුදල පෙරේදා (04 දා) කොළඹ පැවැති උත්සවයකදී නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය.

SOS ළමා ගම්මානය, රොෂාන් විජේරාම පවුල් භාරය, ඉන්දිරා පිළිකා භාර අරමුදල, සුව අරණ හේමාස් අවුට්රිච් පදනම, Community Meal share භාරය, sri lanka college of pediatricians වැනි ආයතන මෙම භාරයේ පාර්ශ්වකරුවන්ය. නේෂන් ට්‍රස්ට් සමුපකාර ශාඛාවේ 1000060022285 අංකයට මහජනතාවටද මුදල් බැර කළ හැක.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment