දේශපාලනය එපා කියා ඇමැති  විදුර නිලධාරීන් අතර අසුන් ගනී

115

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17දා) පැවති කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා සහභාගි වීමට පැමිණි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා ප්‍රධාන මේසයේ පනවා තිබූ අසුනේ අසුන් නොගෙන රැස්වීමට සහභාගි වී සිටි නිලධාරින්ට සහ එය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට වෙන්කර තිබූ අසුන් අතරට ගොස් එහි හිස්ව තිබූ අසුනක අසුන් ගත්තේය.

එම ස්ථානයේ අසුන් ගත් විදුර වික්‍රමනායක ඇමැතිවරයා එතැන සිටි රාජ්‍ය නිලධාරීන්ට සහ මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ මෙම කමිටු

රැස්වීමේ දේශපාලනය කථා නොකර නිලධාරීන් සමග රටේ සත්‍ය තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඊට නිසි විසඳුම් සෙවිය යුතු බවයි. පසුව එම ස්ථානයට කළුතර දිසාපතිවරයා සහ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකු පැමිණ ඇමැතිවරයාට අදාළ අසුනේ අසුන් ගැනීමට ඇරයුම් කළද ඇමැතිවරයා එය ප්‍රතික්ෂේප කර තිබේ.

වාද්දුව විශේෂ – ගාමිණී ගුණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment