දේශපාලනය ගැන අත්දැකීම් නොතිබූ නිසාගෝඨාභයට ජනපතිකම දාලා යන්න වුණා

176

පා. ම. නාමල් රාජපක්‍ෂ

අරගලයක් කරල අවුරුද්දක කාලයක් ගතවුණා. එදා ඒ අරගලයේ හිටිය නිර්පාක්‍ෂික යැයි කියාගත්ත හැම කෙනෙක්ට ම අද පක්‍ෂයක් තියෙනවා. පක්‍ෂයක් නැතුව නිර්පාක්‍ෂිකව ඉන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා විතරයි. අපි අදටත් හිතනවා විතරක් නෙමෙයි, කතා වෙනවා, ඇයි ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා අරගලකරුවන්ට ගහලා එලෙව්වෙ නැත්තේ කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගත්ත දවසේ ඉඳලම ගහනවා. ගිය 31 වැනිදත් කට්ටිය මිරිහානට ගියා. ගැහුවා. එලෙව්වා. නමුත් ගෝඨාභය මහත්තයා බැලුවා මේක ප්‍රජාතන්ත්‍රවාදීව විසඳන්න. හැබැයි අන්තිමට එතුමාට ජනාධිපතිකම දාලා රටින් යන තැනට අරගලය ව්‍යාප්ත වුණා. එතුමාට දේශපාලනය පිළිබඳව මහින්ද මහත්තයාට තරම් අත්දැකීමක්, පළපුරුද්දක් නෑ.

පොදුජන පෙරමුණ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල් රාජපක්‍ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේ අප්‍රේල් 3 දින හලාවත ‘මිකයිලා’ හෝටලයේ පැවැති පොදුජන පෙරමුණ පක්‍ෂ ප්‍රතිසංවිධානය කිරීම සහ ඉදිරි මැයි දින පෙල පාළිය සඳහා පුත්තලම් දිස්ත්‍රික් පොදුජන පෙරමුණ පාකක්‍ෂිකයන් සහභාගි කරවීම පිළිබඳව පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

තවදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්‍ෂ මහතා, යම් යම් පාර්ශ්ව අරගලයට මුවාවෙලා මේ රටේ ආර්ථිකය වට්ටන්න කටයුතු කළා. සැලසුම්සහගතව අපේ සංචාරක ව්‍යාපාරය විනාශ කළා. යම් යම් හස්තයන් යොදවලා තෙල් බෙදාහැරීම සහ ගෑස් බෙදාහැරීම අඩපණ කරවලා පෝළිම් නිර්මාණය කළා. මේ සියල්ලම පරාජය කරලා පොදුජන පෙරමුණ විදියට අපි පාර්ලිමේන්තුවේදී ගත්ත තීරණයක් අනුව රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති බවට පත් වුණා. මේ වෙද්දී එතුමා යම් පාලනයක් කරමින් යනවා. ඒ නිසා එදා තිබුණට වඩා හොඳ තත්ත්වයකට, රට පරිවර්තනය වී තිබෙන බව පේනවා.

සනත් නිශාන්ත මහතාගේ නායකත්වයෙන් ඉදිරියට එන සෑම මැතිවරණයක දීම පුත්තලම දිස්ත්‍රික්කය පොහොට්ටුවට සුවිශේෂී ජයග්‍රහණයක් ලබාදෙන බවට අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ පුත්තලම් දිස්ත්‍රික් පොදුජන පෙරමුණ නායක, ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා, පුත්තලම දිස්ත්‍රික්කය කියන්නෙ, මීට වඩා බැරි බැරෑරුම් අවස්ථාවලදී පොදුජන පෙරමුණ වෙනුවෙන් ජයග්‍රහණ ලබාගත්ත දිස්ත්‍රික්කයක්. එදා පොදුජන පෙරමුණ පක්‍ෂය හදලා මුලින්ම පවත්වපු පළාත් පාලන මැතිවරණයට කලින් කොළඹ ගාලු මුවදොර පිට්ටනියේ පවත්වපු ඒ දැවැන්ත

රැස්වීමට පුත්තලම දිස්ත්‍රික්කයෙන් බස් 256ක් පුරවලා අපේ පාක්‍ෂිකයන් 15000කට වඩා වැඩි ප්‍රමාණයක් කොළඹ ගෙනියන්න අපිට හැකිවුණා. මෙවර අපේ මැයි දින රැළියටත් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් අපේ පාක්ෂිකයන් වැඩි පිරිසක් සහභාගි කරවන්න අපි බලාපොරොත්තු වෙනවා.

ආණමඩුව ආසන බලමණ්ඩලය පිහිටුවලා තිබුණත්, පුත්තලම, හලාවත, වෙන්නප්පුව, නාත්තණ්ඩිය ආසන බලමණ්ඩල පිහිටුවන්නට අපිට තවම බැරිවෙලා තියෙනවා. ඉතාම නුදුරු කාලයේදී පුත්තලම දිස්ත්‍රික්කයේ එම ආසන බලමණ්ඩල 4ක් පිහිටුවලා පක්‍ෂයේ ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යෑමට අපි බලාපොරොත්තු වෙනවා.

ස්වර්ණ ශ්‍රී මහවත්ත – හලාවත විශේෂ

advertistmentadvertistment
advertistmentadvertistment