දේශපාලනය තිත්තයි මම අස්වෙනවා – ධම්මික

323

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෙටි කාලයක් ඇමැති තනතුරක් දැරූ ධම්මික පෙරේරා මහතා සිය පාර්ලිමේන්තු තනතුරෙන් ඉල්ලා අස්වීමට අදහස් කරයි.

මේ පිළිබඳව ‘දිවයින’ට ඊයේ විශේෂ ප්‍රකාශයක් කළ ධම්මික පෙරේරා මහතා කීවේ දේශපාලනයෙන් තොරව රට වෙනුවෙන් ආණ්ඩුවට ඕනෑම උදව්වක් කරන බවය.

දේශපාලනය පිළිබඳව තමා කලකිරී ඇතැයි ද හෙතෙම කීවේය.

ප්‍රශ්නය – ඔබ පාර්ලිමේන්තු අසුනෙන් ඉවත් වෙන බව වගකීමෙන් ද කියන්නේ….

පිළිතුර – ඔව්. ඒත් ආණ්ඩුව සමග ප්‍රශ්න ඇති කරගෙන නෙමෙයි. මට දේශපාලනය එපා වුණා.

ප්‍රශ්නය – රන්ජන් රාමනායක නිදහස් වෙලා පැමිණියොත් ඔබ එම පාර්ලිමේන්තු අසුන ඔහුට භාරදෙන්න අදහසක් තියෙනවා.

පිළිතුර – අපොයි නැහැ. එහෙම දෙයක් නෙමේ දේශපාලනයෙන් බැහැර වෙනවා. බැසිල් රාජපක්ෂ මහතා පත් කළ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු අසුනෙන් ඉවත් වීමෙන් පසු එම අසුනට පත් කෙරුණේ ධම්මික පෙරේරා මහතාය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment