දේශපාලන පළිගැනීම්වලට ලක්වුවන්ට වන්දි ගෙවීමට දැඩි විරෝධය

136

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන

2015 සිට 2019 යහපාලන කාලය තුළදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව පවසමින් රාජ්‍ය නිලධාරීන් සහ ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙකුට රුපියල් කෝටි ගණනක වන්දි ගෙවීමට වත්මන් රජය කටයුතු කිරීම පිළිබඳව දැඩි විරෝධය පළකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.

මේ අවස්ථාවේ රජයේ ප්‍රමුඛ කාර්ය විය යුත්තේ ජනතාවත් රටටත් ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට සියලු ශක්තිය යෙදවීම බවත් මෙලෙස මහජනතාවගේ මුදල් කාබාසිනියා කිරීම නොකළ යුතු බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

අදාළ වන්දි ගෙවීමට නිර්දේශ වී තිබෙන නාමලේඛන පරිශීලනය කිරීමේදී පැහැදිලිවන්නේ බොහෝ පිරිසකගේ නම් අධිකරණමය ක්‍රියාමාර්ග මත ගන්නා ලද තීරණ මිස හුදු දේශපාලන පළිගැනීම් ලෙස හුවා දැක්වීම සුදුසු නොවන බවත් රටේ අර්බුදයක් පවතින මොහොතක මෙලෙස තෝරාගත් විශේෂ පිරිසක් වෙනුවෙන් කෝටි ගණනක මුදල් වැය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙස දැඩි විරෝධය පළකර සිටින බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටි.

advertistmentadvertistment
advertistmentadvertistment