දේශපාලන පළිගැනීම් කොමිසම ගැන නීතිපති අධිකරණයට කළ දැනුම් දීම

148


හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ පරීක්ෂණ කොමිසම විසින් සිදුකර තිබෙන නිර්දේශ හා සොයාගැනීම්වලට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැදවනු ලැබූ අවස්ථාවේදී නීතිපති සංජේ රාජරත්නම් මහතා විසින් එම දැනුම් දීම සිදුකර ඇත.

අදාළ කොමිසමේ නිර්දේශ බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විවිධ පාර්ශව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් ගොනුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment