දේශපාලන ප්‍රචණ්ඩත්වයට මුවාවී උමන්දාවට ප්‍රහාර එල්ල කිරීම.

1421

පසුගිය මැයි 09 වැනිදා රටේ උද්ගතව තිබූ, ප්‍රචණ්ඩකාරී වාතාවරණයේදී වරද නිවැරදි නොබලා ක්‍රියාත්මක වූ තැන් බොහෝමයකි. එහිදී රටේ කතාබහට ලක්වූ මාතෘකා අතර, සිරි සමන්ත භද්‍ර හිමියෝ භාරකාරත්වය දරන කුරුණෑගල උමන්දාව අසපුවට ප්‍රහාර එල්ලවීම ද සැලකිය යුත්තකි.එහෙත් එය පැවැති දේශපාලනික වටපිටාවට ඉඳුරාම පටහැනි අන්තවාදී ක්‍රියාවක් බව සිරි සමන්ත භද්‍ර හිමියෝ සඳහන් කරති. මේ උන්වහන්සේ ඒ පිළිබඳ දැක්වූ අදහස්ය.

මුලින් මම පැහැදිලි කරන්නම් ඇයි අපි උමංදාව හැදුවේ කියලා. ලංකාවේ මිනිස්සු, විශේෂයෙන් සිංහල බෞද්ධ මිනිස්සු ශරියා විශ්වවිද්‍යාලයට විශාල විරෝධතාවක් ගෙනිච්චා. ඒ විරෝධතාව ගෙනියපු ඔක්කොම අය ඒක විවේචනය කළා. ඒක විනාශ කරන්න කටයුතු කරන්න ඕනේ කියලා කිව්වා. හැබැයි ඒකට මුකුත්ම කරන්න සිංහල බෞද්ධ කිසිම මනුස්සයෙකුට බැරි වුණා. මට අවශ්‍ය වුණා ඒ වගේ සුපිරි, ඊටත් වඩා සුපිරි නිර්මාණයක් දේශීය සම්පත් යොදාගෙන ගොඩනඟන්න.මම උමංදාවට එන සියලු ම හාමුදුරුවරුන්ට හා අනෙකුත් ගිහි අය හැමෝටම කියලා තියෙනවා, “අපි විවේචනය කරනවා විතරයි. අපි වැඩ කරන්නේ නෑ. කවුරුහරි වැඩක් කළොත් අපි කරන්නේ වැඩ කරන එකාට මඩ ගහලා, අපහාස කරලා දාන එක. ඒක අපේ ජාතියේ විදිහ. ඒක අපි තේරුම් අරගෙන යි ඉන්නේ. ඒකට ප්‍රශ්නයක් නෑ.මිහිඳු මා හිමියන්ගෙන් පසුව මේ රටේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න පන්සල් ඉදිවුණේ අතලොස්සයි. අපිට ඕන මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න. අපි කොතරම් පන්සල් හැදුවත් මිනිසුන්ගේ ආකල්ප හැදුවේ නැහැ. අනික ඒ පන්සල් තුළ වැඩ සිටින ස්වාමින්වහන්සේලා ජනසතු කරපු දෙයක් නැහැ. හදපු වැඩපිළිවෙළක් නැහැ. පන්සල ලොකුවට හැදිලා වැඩක් නැහැ ගම දුප්පත් නම්. ‘ගමයි පන්සලයි වැවයි දාගැබයි’ මෙහෙමනේ තියෙන්න ඕනේ. නමුත් අද වෙලා තියෙන්නේ පන්සල හැදිලා ගම අරාජික වෙලා. මේ වැරදි අපි හදාගන්න ඕනි. නැත්තම් මුළු ජාතියම විනාශ වෙනවා.

දේශපාලන ප්‍රචණ්ඩත්වයට මුවාවී උමන්දාවට ප්‍රහාර එල්ල කිරීම.

මුල දී අපි තනියෙන් පටන් ගත්තේ. පස්සේ අපි ඒක තනියෙන් කරගෙන යනකොට විශාල… දහස් සංඛ්‍යාත, ලක්ෂ සංඛ්‍යාත පිරිසක්, සිංහල, දෙමළ, මුස්ලිම් ඔක්කොම උදව් වුණා, එකතු වුණා. ඒකට කලින් පැවති රජයේ අනුග්‍රහයක් ලොකුවට ලැබුණේ නෑ. නමුත් මේ රජයෙන් අනුග්‍රහය ලැබුණා. කොහොම හරි අපි මේ වැඩපිළිවෙළ ටිකෙන් ටික ඉස්සරහට ගෙනල්ලා මේක ජාතික තලයට අරගෙන ආවා. උමංදාව ජාතික තලයේ මධ්‍යස්ථානයක්. ඒක සාම්ප්‍රදායික පන්සලකට කොටු වෙලා නෑ.උමංදාවේ යුද හමුදාව ඉන්න අයිතියක් නැත්නම් මේ එහා ඉඩමේ තියෙන නා උයන ආරණ්‍යයේ යුද හමුදාව ඉන්න තියෙන අයිතිය මොකක් ද? දැන් ඔය උද්ඝෝෂණකරුවෝ ඔය දෙක දන්නේ නැද්ද? ප්‍රශ්නය තියෙන්නේ වෛර කරන්න ඕන වුණා ම හේතු ඕන තරම් තියෙනවා. අපේ ජාතියේ විදිහ තමයි වැඩියෙන් වැඩ කරන කෙනාට තමයි වෛර කරන්නේ. නිකන් පිං බත් කන අයට කවුරුවත් වෛර කරන්නේ නෑ. ඒක අපේ ජාතියේ විදිහ.

ඊට අමතර ව මෙහෙම යනකොට දවසක් පොලිස්පතිතුමා පැමිණියා. අවුරුදු පහක් හයක් තිස්සේ ම උමංදාවට ප්‍රශ්නයක් තිබ්බා. ඒ ප්‍රශ්නය තමයි, මත් ද්‍රව්‍ය පාවිච්චි කරන අය. උමංදාව අවට කැලෑ පාරවල් තියෙන්නේ දිගට ම. ඒවායේ ඕන තරම් මත් ද්‍රව්‍ය පාවිච්චි කරන අය හොයා ගන්න පුළුවන්. අපි පොලිසියට දැනුම් දුන්නා. ඊට අමතර ව, අපේ මෙහෙණින් වහන්සේලා ඉන්නේ කැලේ පැත්තේ. කවුරුවත් නෑ ඒ පැත්තේ. කි.මී. එකහමාරක් විතර අපි ඉන්න පැත්තට එන්න ඕනේ. ඒගොල්ලන්ට විවිධ කරදර කරල තිබ්බ අවස්ථා වාර්තා වුණා. අපි ඒවා පොලිසියේ පැමිණිලි දැම්මා දැන් අවුරුදු පහක් හයක් තිස්සේ. නා උයනේ මෙහෙණින් වහන්සේලා යි, උමංදාවේ මෙහෙණින් වහන්සේලා යි පාර දෙපැත්තේ ආරාම දෙකක ඉන්නේ. ඉතින් මම යෝජනා කළා පොලිස්පතිතුමාට මේ කරුණු සැලකිල්ලට ගෙන පොලිස් මුරපොළක් ඉදි කරන්න කියලා.එතකොට උමංදාවේ තියෙන පොලිස් මුරපොළ වැරදි නම්, මාලිගාවේ ඉඳලා කතෝලික පල්ලිවල, කෝවිල්වල, ඉස්ලාම් දේවස්ථාන, සෙනඟ වැඩිපුර ගැවසෙන තැන්වල තියෙන ඒවාත් වැරදියි. කවුරුන් හෝ වැරදියි කියනවා නම් පොලිසිය ඉන්න එක, ඒගොල්ලෝ දැන් කරන්න ඕනේ හෙට ඉඳලා උමංදාවට එන දහස් සංඛ්‍යාත පිරිසගේ ආරක්ෂාව, අනෙකුත් නීති කටයුතු, සිවිල් කටයුතු කීරීම ඒ කණ්ඩායම් භාර ගන්න ඕනේ. එහෙම නැත්තන් එන දහස් සංඛ්‍යාත පිරිස මට පාලනය කරන්න බෑ. අපට එහෙම පිරිසකුත් නැහැ.

පොලිස්පතිතුමාගෙන් ඉල්ලනවා කිසිම කෙනෙකුට මේ අරගලය දූෂණය කරන්න දෙන්න එපා. සාමකාමී අරගල අවශ්‍ය යි. විප්ලව අවශ්‍ය යි. මිනිස්සුන්ගේ දේපළ විනාශ කරන්න දෙන්න එපා. මිනිස්සුන්ට හිංසා කරන්න දෙන්න එපා. ලංකාව සිංහල බෞද්ධ රටක්, බහුතරයක් ජීවත් වන. ඒ ජාතියේ, ආගමේ අනන්‍යතාව විනාශ කරන්න දෙන්න එපා. පන්සල්වලට ගහන්න දෙන්න එපා. දැන් ඔය උමංදාවට ගැහුව නිසා හොඳයි. වැරදිලා හරි වෙන තැනකට ගැහුවා නම්, පල්ලියකට, කෝවිලකට, දේවස්ථානයකට… අද කොච්චර ප්‍රශ්නයක් ද ලෝකයේ? ඒක තමයි ඇත්ත.

ඊළඟට, උමංදාවට කොහෙන් ද උදව් කළේ? කවුද සල්ලි දුන්නේ? උමංදාව ආණ්ඩුවේ සල්ලි ගත්තා ද? නෑ. උමංදාව ආණ්ඩුවේ සල්ලි ගත්තේ නෑ. අපට ලෝකේ පුරා ම ඉන්න මිනිස්සු විශේෂයෙන් මුදල් දුන්නා. මම දැකපු ලංකාවේ විදිහක් තමයි බෞද්ධ මිනිස්සුන්ගේ, ඒ මිනිස්සු කවුරු හරි වැඩක් කරනවා දැක්කොත් ඒ වැඩක් කරන මනුස්සයාට කණකර උකස් තියලා හරි ඒ වැඩේට අවශ්‍ය දේ දෙනවා. අපි අවුරුදු දෙදහස් ගණනක් පන්සල් හැදුවේ ඒ විදිහට.එතනට ඇවිත් හිටපු අයට තිබුණු ගැටලුව තමයි, උමංදාවෙන් බඩු මලු බෙදන එක ගමේ මිනිස්සුන්ට. ඔව් මම බෙදනවා. මම හෙටත් බෙදනවා. අපට මතකයි කොරෝනා ප්‍රශ්නය වෙලාවේ දී, දුප්පත් මිනිස්සු මට ඇවිල්ලා කිව්වා ඔවුන්ගේ අගහිඟකම් ගැන. ලක්ෂ සියයක් මම එකතු කළා. ලක්ෂ සියයක බඩු අරගෙන, මම හිතන්නේ ලොරි පනහක් හෝ හැටක් සෑම පැත්තකට ම බඩු පාර්සල් බෙදුවා. ඒ අවුරුද්දෙ මිනිස්සුන්ට කන්න තිබුණේ නෑ, අවුරුදු තිබුණේ නෑ. අවුරුද්දට කිරි බත් උයන හට්ටියත් දුන්නේ උමංදාවෙන්. ඒ අපේ විදිහ.ලංකාවේ මිනිස්සුන්ට හැමදාම වැරදුනේ තමන්ගේ ජාතියේ එකාට කකුලෙන් අදිනවා. අර කතාවක් තියෙනවා, අපායට ගියාලු මාධ්‍යවේදියෙක්. හැම රටකම මිනිස්සු කූඩුවක දාලා ඉන්නවලු. ජර්මනියට වෙන ම කූඩුවක්. තායිලන්තයට වෙන ම කූඩුවක්. අමෙරිකාවට වෙන ම කූඩුවක්. ලංකාවේ එවුන් ඇවිද ඇවිද ඉන්නවාලු. මේ මාධ්‍යවේදියා ගිහිල්ලා යම රජ්ජුරුවන්ගෙන් අහනවලු, “ඇයි ලංකාවේ එවුන්ට කූඩුවක් නැත්තේ?” කියලා. උන් එකෙක් අපායෙන් එගොඩ වෙන්න හදනකොට අනිත් එවුන් ඔක්කොම එකතු වෙලා කකුලෙන් ඇදලා නැවත අපායට දානවා, කිව්වලු. ඒ නිසා උන් කවදාවත් පැනලා යන්න දෙන්නේ නෑ කිව්වලු උන්ගේ එවුන්ට.

ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මිනිස්සුන්ට වෛර කරන්නේ නැතුව සාමකාමී ව ගැටලු විසඳගන්න. අර මහා කපි ජාතකයේ වඳුරා ජීවත් වෙච්ච විදිහට අපි ජීවත් වෙන්නේ. මිනිස්සු අපට දැන් අවුරුදු විස්සක් තිස්සේ බණිනවා. මම හිතන්නේ මේ සියවසේ ලංකාවේ වැඩිපුර ම බැණුම් අහපු කෙනා මම. හැබැයි වැඩිපුර ම සාර්ථක වූ කෙනාත් මම. ඉදිරියටත් ඒක එසේමයි. ඒ නිසා අපි ඒ සියලු ස්වාමීන් වහන්සේලාට, අපට බැණපු ගහපු අයට අපි වෛර කරන්නේ නෑ. අපි ඒගොල්ලන්ට ආරාධනා කරනවා, උමංදාව බලපු එක හොඳයි. බලලා ඒ විදිහට ඔබවහන්සේලා පන්සල් හදා ගන්න. දායකයෝ දැනුවත් කරන්න. දායකයන්ට කියන්න, “මේවා වගා කරන්න… මෙහෙම කරන්න… දැක්කනේ අර ඇතුලේ තිබුණ වගාවල්?…“ ඉතින් මේවා දැනුවත් වුණා නම් මම හිතන්නේ රට ගොඩාක් සුන්දර, ලස්සන තැනක් වේවි.මහාකපි ජාතකයේ දී බෝසතාණන් වහන්සේ වඳුරෙක් වෙලා හිටියා. මිනිහෙකුට පාර පෙන්වූවා කැලයෙන් එළියට එන්න. මේ මිනිහා මඟක් දුර ඇවිල්ලා මේ පාර පෙන්නපු වඳුරාට ගලකින් ගැහුවා. මේ වඳුරා ලේ යන ඔළුවේ තුවාලේ අතකින් අල්ලගෙන ඉතුරු අත් තුනෙන් පැන පැන නැවත මේ අතරමං වූ මිනිහට කැලයෙන් එළියට එන්න පාර පෙන්වූවා. ඒ අප ඉගෙන ගත්ත ධර්මය. මං දැක්කා සමහරු කමෙන්ට් දාලා තියෙනවා, “උමංදාවට ගහපු එවුන්ගේ ගෙවල් ගිනි තියපියව්, පුච්චපියව්, කොටපියව්, මරපියව්!” කියලා. අපි එහෙම කරන්නේ නෑ. අපි ඔක්කොටම සමාව දෙනවා. ඒක තමයි අපි දන්න දේ. අපි කම්පා වෙන්නේ නෑ.

අපි ඉල්ලා සිටිනවා ලෝකවාසී සියලු දෙනාගෙන් ම ඕගොල්ලෝ උමංදාව තවත් දියුණු කරන්න උදව් කරන්න. ඕගොල්ලොන්ගේ උදව්වෙන් තමයි ඕක ඔච්චර තැනකට ආවේ මේ අවුරුදු පහකට. මම විශේෂයෙන් ඉල්ලනවා උමංදාවට සහයෝගය දෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසෙන්, ඕගොල්ලෝ මේක දැකලා, මේක බලලා තවත් අපට උදව් කරන්න. ඒ උදව්වලින් අපි තවත් ජාතියට වැඩ කරන්නම්. වැඩ කරලා ඉවර වෙලා අමරණීය මතකයක් මේ මහ පොළොවේ ඉතුරු කරන්න අවශ්‍ය කරන පසුබිම හදලා දෙන්නම් කියලා මතක් කර සිටිනවා.අපි ඉල්ලා සිටිනවා මේ රජයේ ජනාධිපතිතුමන්ගෙන්, රටේ නීතිය කඩන්න දෙන්න එපා කාටවත්. ඒ වගේ ම ආරක්ෂක ලේකම්තුමා, පොලිස්පතිතුමා, යුද හමුදාපතිතුමා ඇතුළු අනෙක් සියලු හමුදාපතිවරු, රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. උමංදාවට විරුද්ධව මේ වුණ විනාශයට වගකිව යුත්තන් නීතියේ රැහැනට අසු කරන්න කියලා. රටට මහත් සේවයක් කරන මෙවැනි ආරාමයක් අරභයා, බෞද්ධ විරෝධී ආකල්ප මතු කරමින් බිය වැද්දීම් හා දේපල විනාශ කිරීම් සිදු කිරීම තරයේ හෙළා දැකිය යුතු අතර මේ සඳහා මූලික වූ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක විය යුතුය. නැතිනම් තවත් මෙවැනි විනාශයන් දිගටම සිදුවනු ඇත.මේ සිද්ධිවලට වගකිව යුතු පිරිස් අප විසින් දැනට හඳුනාගෙන ඇති අතර මොවුන්ට නීතියෙන් නිසි දඬුවම් දෙන තුරු අප විමසිල්ලෙන් සිටින බව මතක් කර සිටිමු.

උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය ගොඩනැගූ –
පූජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ





















































උමංදාව ට 2022. 05. 10 දින අරගලය නාමයෙන්

පහරදීම ට පැමිණි ප්‍රධාන අමනයන්ගේ ලැයිස්තුව.

● පන්සියගම පුලස්ති වෙද මැදුර වෙද මහත්තයා

f්ජැඉදදන කසඩැ (ප්‍රධාන සංවිධායක)

● දුම්මීය ගමේ – බණ්ඩාර (පිරිස් සංවිධායක – f්ජැඉදදන කසඩැ)

● දුම්මියගමේ – ගුණතිලක (පිරිස් සංවිධායක)

● පොල්ගහන්ගොඩ පන්සලේ හාමුදුරුවෝ තුන්නම

(කොක්වැවේ චන්දිම හිමි ඇතුළු)

● දොඹගමුව ගමේ – නාමල් (පිරිස් සංවිධායක)

● අශෝක ග්‍රාමසේවක පන්සියගම – (පන්සියගම

ජය්බාර්ිසරස ිඑදරුි එකේ අයිතිකරුගේ මල්ලි)

● ෂියසබස ත්‍මරබසඑමරු පන්සියගම – සුසිල්

● තෙන්නකෝන් ජදබජරුඑැ අදරනි සියලුම දෙනා

● සණස බැංකුවේ කළමනාකරු – පන්සියගම නාලක

● උමංදාව දිසාපාමොක් හි අධ්‍යාපනය ලැබූ – රජුන්

● මාළු කුමාර – මඩතියගොල්ල

● අනුර -මඩහපොල

● ගුණරත්න – පන්සියගම

ඒ වගේ ම උමංදාව ජාතික ව්‍යාපෘතියක්, ඒක මට තනියෙන් කරගහන්න බෑ. ඒක සාමූහික වැඩක්. මේ සාමූහික වැඩේ දැන් අපි ඔක්කොම එකතු වෙලා අර්ථවත් කරමු.

හැමට තෙරුවන් සරණ යි!

උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය ගොඩනගමින් ජාතියට නව පූර්වාදර්ශයක් සැපයූ පූජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්ස.



පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමි

 

advertistmentadvertistment
advertistmentadvertistment