දේශපාලන බහිරවයන්ට තානාපති දොර වැසෙයි

417

විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල තානාපති නිලධාරින් ලෙස හිටපු දේශපාලකයන් සහ ඔවුන්ගේ මිතුරන් පත් නොකොට විදේශ සේවය සුදුසුකම් ඇති නිලධාරීන් පමණක් පත් කිරීමට රජය තීරණය කර ඇත.

පසුගිය රජය ද්විත්ව පුරවැසියන් සිව්දෙනකුද තානාපතිවරු ලෙස පත් කර තිබුණි.

එසේම ප්‍රධානතම රටක තානාපති ලෙස පත්කළ ද්විත්ව පුරවැසියෙක් නිරතුරුව ම සාද සහ බයිලා ප්‍රසංග පවත්වන බවද රජයට පැමිණිලි ලැබී තිබේ.

මේ අනුව ලබන ජනවාරි 1 දා සිට ඉන්දියාව, චීනය,ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඔස්‌ට්‍රේලියාව යන රටවලට විදේශ අමාත්‍යාංශයේ සිටින තානාපති නිලධාරීන් පත් කර ඉන්පසු අනිකුත් රටවලට ද පත්කෙරේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment