දේශපාලන හා ගජමිතුරු බලය නිසා ක්‍රිකට් වැනසෙමින් තිබෙනවා- විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

58

අපේ ශූරයන් පැත්තකට දමලා

අද වන විට ක්‍රිකට් ක්‍රීඩාව බලවතුන්ගේ බලාධිකාරයක් බවට පත්වී මුදල හා කප්පම් තුළින් බලාධිකාරය පවත්වා ගැනීම, දේශපාලනීකරණය වීම නිසා පරිහානියට පත්ව ඇති බවත් මේ සඳහා තාවකාලික විසඳුම් අවශ්‍ය නොවන බවත් තිරසර දීර්ඝකාලීන විසඳුම් අවශ්‍ය බවත් ජනාධිපතිගේ, ආණ්ඩුවේ පැවත්ම තකා බොරුවට කැබිනට් මණ්ඩලය සංශෝධනය කරනවා සේ ව්‍යාජ උප්පරවැට්ටි ක්‍රියාවලින් ක්‍රිකට් ගොඩගත නොහැකි බවත් විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සත්‍යවාදීව යථාර්ථවාදීව, ප්‍රයෝගිකව මෙම සංශෝධන ක්‍රියාත්මක විය යුතු බවත්, කිසිදු දේශපාලනඥයකුට කිසිදු ක්‍රීඩා සංගමයක තනතුරු හෙබවීමට ඉඩ නොදිය යුතු බවත් වෘත්තීය ක්‍රීඩාවේ නියැළී රටට ජය අත්කර දුන් ශූරයන්ට ක්‍රීඩා පරිපාලනය භාරදිය යුතු බවත් පැවසූ විපක්‍ෂ නායකවරයා කියා සිටියේ, මේ වන විට එවැනි ශූරයන් පැත්තකට දමා ධන බලය, දේශපාලන බලය සහ ගජමිතුරු බලය නිසා ක්‍රීඩාව වැනසී ඇති යුගයේ පැලැස්තර විසඳුම් නොදමා ස්ථිරසාර විසඳුමක් මේ සඳහා අවශ්‍ය බවයි.

මේ රජය බොහෝ අවස්ථාවල සිදුකරන්නේ වැරදි දෙයක් බවත් රජයේ ඇතැම් පාර්ශ්වයන් ක්‍රිකට් විනාශ කළ බලවතුන් පවා ආරක්‍ෂා කිරීමට කටයුතු කරන බවත් ශූරයන් වූ බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට නොහැකි වූයේ දූෂණය නිසා බැවින් මෙවැනි තත්ත්වයකට අප රට නොයා යුතු බවත් ඒ සඳහා ජාති, ආගම්, කුල, පන්ති, පක්‍ෂ භේද නොතකා වටිනා පුද්ගලයන්, දක්‍ෂ පුද්ගලයන් ක්‍රිකට් පරිපාලනයට යෙදිය යුතු බවත් විපක්‍ෂනායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

සක්වල වැඩසටහන ක්‍රියාත්මක කරන හැමතැනම විදුලිය විසන්ධි කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවත් දරුවන්ට සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහන මෙසේ කඩාකප්පල්කාරී කිරීම ගැන කනගාටු වන බවත් විපක්‍ෂනායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහනට යටතේ රජයේ රෝහල් 56 කට රුපියල් 171,966,900 ක් වටිනා රෝහල් උපකරණ ලබාදී ඇති බවත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ රජයේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්‍ෂ 50 ක් වටිනා බස් රථ 80 ක් ලබාදුන් අතර ඒ සඳහා රු. 389,200,000 ක් වැය විය. එසේම සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහන යටතේ රජයේ පාසල් 44 ක් සඳහා රුපියල් ලක්‍ෂ 404 ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදී තිබේ.

විපක්‍ෂනායකවරයා ඉහත ප්‍රකාශය කළේ මැදිරිගිරිය ලංකාපුර විiාලයට 44 වැනි සුහුරු පන්ති කාමරය ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment