දේශපේ‍්‍රමී නිලධාරීන් ලෙස ඔබෙන් රටට විය යුතු යුතුකම් කොටස නිසිලෙස ඉටු කරන්න – ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ

273

* ගුවන් හමුදා වරලත් නිලධාරීන්ගේ විසිරයාමේ උළෙල
 

 එක් දවසක හවස් වරුවකදී ජෙනරාල් විමලරත්න මට කිව්වා කොළඹ ගිහින් එන්න කියලා. ඒ අවස්ථාවේදී මා කොළඹට පැමිණීමට නියමිතව නොමැති බව මම ඔහුට දැනුම් දුන්නා. ඔහු ප‍්‍රතිචාර දක්වමින් පැවසුවේ පසුදින මගේ බිරිඳගේ උපන්දිනය වූ බැවින් මා යා යුතු බවයි.

 තමන් නායකත්වය දෙන අය කෙරෙහි පවතින අව්‍යාජ සැලකිල්ල තුළින් කෙතරම් ප‍්‍රබල බලපෑමක් ඇති කළ හැකිදැයි යන්න හිටපු හමුදා නිලධාරියෙකු ලෙස තමා හො`දින් දන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ පැවසූවේ කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පෙරේදා (29ද) පෙරවරුවේ පැවැති ගුවන් හමුදා වරලත් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලිය අමතමිනි. මෙහිදී ගුවන් හමුදා පියාසර කෙඩෙට් නිලධාරීහු විසි දෙදෙනෙකුට හා කාන්තා පියාසර නිලධාරිනියන් හය දෙනෙකුට ජනාධිපතිවරයා විසින් පියාසර නිල ලාංඡුන පැළඳවිණ. සියලූම පාඨමාලාවන්හි විශිෂ්ට දක්ෂතා දැක්වූ කෙඩෙට් නිලධාරීහු 14 දෙනෙක් ජනාධිපතිවරයා අතින් සම්මාන ලබා ගත්හ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

 ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ මෙතෙක් පවත්වන ලද විශාලතම විසිර යාමේ පෙළපාලියේ දී ඔබ ඇමැතීමට ලැබීම පිළිබඳ මම සතුටු වෙමි.

 නවක නිලධාරීන් බවට පත් වූ ශිෂ්‍ය භටයන් 153 දෙනා හට මාගේ සුභාශිංසනය පිරිනමමි. එමෙන්ම ”ත්‍කහසබට ඊරුඩැඑි” ලබාගත් පිරිමි නිලධාරීන් 22 දෙනාට සහ කාන්තා නිලධාරීන් 6 දෙනාට ද මම සුබපැතුම් එක් කරමි.

 ඔබගේ පෙළපාලියෙහි විශිෂ්ටත්වය පිළිබඳව මම ඔබට ප‍්‍රශංසා කරන අතර මෙම ආයතනය හරහා ජාතියට සේවය කිරීමට හැකි ලෙස ඵලදායී අයුරින් ඔබගේ වෘත්තීය කටයුතුවල යෙදීමට හැකි වේවායි ප‍්‍රාර්ථනා කරමි. අද ඔබ මෙම තරුණ නිලධාරීන් පිළිබඳ ආඩම්බර වන තරමටම මෙම කීර්තිමත් ආයතනය තුළ ඔවුන් ලබන අනාගත ජයග‍්‍රහණ ඔබව තව තවත් ආඩම්බරයට පත්කරනු ඇතැයි මම විශ්වාස කරමි.

 වර්ෂ 1951 දී එහි සුළු පරිමාණයේ ආරම්භයේ සිට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අපගේ හමුදාවේ කීර්තිමත් වෘත්තීය සහ ඉහළ දක්ෂතා සහිත ශාඛාවක් දක්වා වර්ධනය වී ඇත. එය 2009 දී අවසන් වූ ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය පුරාම ප‍්‍රධාන භූමිකාවක් ඉටු කළේය.

 ගැටුම් පැවති සමහරක් කාලවකවානු වලදී යාපනය අර්ධද්වීපය බොහෝ දුරට නඩත්තු වූයේ සෙබළුන් සහ සැපයුම් ආරක්ෂිතව ප‍්‍රවාහනය කිරීමට ගුවන් හමුදාව ගත් උත්සාහයන් හේතුවෙනි.

 ගැටුම් උග‍්‍ර වූ අවස්ථාවලදී ආරක්ෂිතව භූමිය රඳවා ගැනීමට අවශ්‍ය ගොඩබිම් හමුදාවන් ප‍්‍රවාහනය කිරීමට ද උපකාරී විය.

 දක්ෂ ගුවන් නියමුවන් විසින් හඳුනාගත් මුහුදේ ඈතින් පිහිටි එල්ටීටීඊ සංවිධානයේ සැපයුම් නැව් ඇතුළු ඉලක්ක වෙත එල්ල කරන ලද නිරවද්‍ය ප‍්‍රහාර ත‍්‍රස්තවාදී බලවේග බෙහෙවින් දුර්වල කළේය.

 ගුවන් හමුදා ඩ්‍රෝන මෙහෙයුම් සහ ගුවන් හමුදාවේ බුද්ධි අංශය යුද්ධයේ අවසාන අදියරේ දී වැදගත් තොරතුරු සැපයීමට උපකාරී විය. ගැටුම අතරතුර, ගුවන් හමුදා භටයින් 443 දෙනෙකු තම මාතෘ භූමිය ආරක්ෂා කිරීම සඳහා තම උපරිම කැපකීරීම් කළහ. තවත් 236 දෙනෙකු තුවාල ලබා ඇත.

 මෙම නිර්භීත පුද්ගලයින්ගේ කැපකිරීම් සහ සටනේ දී ඔවුන්ගේ සගයන්ගේ උත්සාහයන් ශ‍්‍රී ලංකාවට ජයගත නොහැකි යැයි බොහෝ කලක සිට සිතූ යුද්ධයක් ජයග‍්‍රහණය කරා මෙහෙය වීමට ඉවහල් විය.

 නැවත ශ‍්‍රී ලංකාවට සාමය උදා වූ දා සිට ජාතිය

 ගොඩනැගීමේ දී සහ ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාමේ දී ගුවන් හමුදාව අඛණ්ඩව වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. කෘතවේදී ජාතියක් වශයෙන් වසර 70කට අධික කාලයක් පුරා ගුවන් හමුදාව ලබාදුන් සේවය සැබැවින්ම අගය කරනු ලැබේ. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නවක නිලධාරීන් සහ නියමුවන් ලෙස ඔබ සැමට උසස් ආදර්ශ බොහෝමයක් ඇත.

 තරුණ නිලධාරීන් ලෙස ඔබේ මූලික යුතුකම වන්නේ ඔබගේ හැකියාවන් සංවර්ධනය කර ගැනීම සහ ඔබේ වෘත්තීය ජීවිතය තුළ ඉදිරියට යාමයි.

 ඔබේ අවංකකම නිකැලැල් විය යුතු අතර ඔබගේ විනය ඉහළ ප‍්‍රමිතියකින් යුක්ත විය යුතුය. හමුදාවේ තාක්ෂණික හස්තයක් ලෙස ගුවන් හමුදාව පූර්ණ නිපුණත්වයක් බලාපොරොත්තු වන අතර ඔබ ගුවන් නියමුවකු ලෙස හෝ ගොඩබිම් මෙහෙයුම්වල දී ද කිසිම දෝෂයකට ඉඩ නොතැබිය යුතුය.

 එබැවින් ඔබේ වෘත්තීයභාවය ද කැපී පෙනෙන්නක් විය යුතුය. ඔබේ දැනුම අඛණ්ඩව වැඩිදියුණු කිරීමට ඔබේ කුසලතා තවදුරටත් වර්ධනය කිරීමට සහ ඔබේ අත්දැකීම් තුළින් ලබාදෙන පාඩම් වලින් ඉගෙන

 ගැනීමට ඔබ වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුය.

 ඔබ ගුවන් හමුදාවේ සේවය කරන කාලය තුළ ඔබේ උසස් නිලධාරීන්, ඔබේ සමකාලීනයන් සහ ඔබේ යටත් නිලධාරීන් කෙරෙහි ඔබට බොහෝ වගකීම් ඇත.

 සෑම අවස්ථාවකදීම ඔබේ උපරිමය ලබාදෙමින් ඔබේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කළ යුතුය.

 ඔබ ඔබේ මිතුරන් සමඟ හොඳින් වැඩ කළ යුතු අතර ගුවන් හමුදාවේ අරමුණු ඉටු කර ගැනීමට සහාය දිය යුතුය. නිලධාරීන් වශයෙන්, ඔබේ යටතේ සිටින නිලධාරීන්ගේ වගකීමද ඔබ සතු වේ. විශේෂයෙන්ම ඔබේ වෘත්තීය ජීවිතයේ මුල් භාගයේදී, ඔබට ඔවුන් සමඟ එකට හිඳිමින්, ඔවුන් සමඟ පුහුණු වෙමින්, ඔවුන් සමඟ ක‍්‍රීඩා සහ විවේක කටයුතුවල නිරත වීමට අවස්ථාව ලැබෙනු ඇත. 1980 දශකයේ අගභාගයේදී මම ජෙනරාල් විජය විමලරත්නගේ නායකත්වයෙන් යුතුව ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරියා ලෙස පලාලි හි ස්ථානගතව සිටියෙමි.

 මේ කාලය තුළ යාපනයේ සිටි අපට සෑම මසකම දින පහක් පමණ ගුවන් මගින් කොළඹට පැමිණීමට නිවාඩු ලබා දෙන ලදී.

 එක් දවසක හවස් වරුවකදී ජෙනරාල් විමලරත්න මට කිව්වා කොළඹ ගිහින් එන්න කියලා. ඒ අවස්ථාවේදී මා කොළඹට පැමිණීමට නියමිතව නොමැති බව මම ඔහුට දැනුම් දුන්නා. ඔහු ප‍්‍රතිචාර දක්වමින් පැවසුවේ පසුදින මගේ බිරිඳගේ උපන්දිනය වූ බැවින් මා යා යුතු බවයි. ඒ තරමටම ඔහු තම කනිෂ්ඨ නිලධාරීන් ගැන දැනුවත්ව සිටි අතර ඔහු අපව හොඳින් බලාගනු ලැබුවා.

 මෙය සිදුවී වසර 40කට ආසන්න කාලයකට පසු අද පවා ජෙනරාල් විමලරත්නගේ මෙම කාරුණික ක‍්‍රියාව මම මහත් ආදරයෙන් සිහිපත් කරමි.

 මට කවදාවත් අමතක නොවුණු තවත් සිදුවීමක් තිබේ. ඒ ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සම්බන්ධව.

 1991 දී අලිමංකඩ හමුදා කඳවුර මුදාගැනීමේ ‘බලවේගය‘ මෙහෙයුම අතරතුර එක් තරුණ මේජර්වරයෙක් ජෙනරාල් කොබ්බෑකඩුව වෙත පැමිණියා. තම පුතා රාජකීය විද්‍යාලයට ඇතුළත් වීමේ සම්මුඛ පරීක්ෂණයකට යන බව පවසමින් ඒ සඳහා සහාය ලිපියක් ඉල්ලා සිටියා. ජෙනරාල් කොබ්බෑකඩුව වහාම පෑනක් කඩදාසියක් ගෙන්වා ගත්තා.

 ඉන්පසුව ඔහු රාජකීය විදුහලේ විදුහල්පතිවරයාට වෙත ලිපියක් ලියමින් සඳහන් කලේ මෙම තරුණ නිලධාරියා යුද පිටියේ සිටින බවත්, තම රට වෙනුවෙන් සටන් කරන බවත්, ඔහුගේ පුතා පාසලට ඇතුළත් කිරීමේදී දක්වන සැලකිල්ල අගය කරන බවත්ය.

 එම සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් මේ තරුණයා අද ඉතා සාර්ථක ඉංජිනේරුවෙකු බවත්, ජෙනරාල් කොබ්බෑකඩුව මහතා ඔවුන්ට ලබා දුන් සහයෝගයට ඔහු මෙන්ම ඔහුගේ පියාද සදා කෘතඥ වන බවත් මම පෞද්ගලිකව දනිමි. මෙම සිදුවීම් දෙකෙන් පෙන්නුම් කරන්නේ ඔබ ඔබේ අණ යටතේ සිටින පුද්ගලයින්ට ඔබ කොතරම් සැලකිල්ලක් දැක්විය යුතුද සහ සහාය විය යුතුද යන්නයි. ඔබ ඔබේ යටත් නිලධාරීන්ගේ යහපැවැත්ම සහ සාර්ථකත්වය වෙනුවෙන් අවංකවම ආයෝජනය කරන විට, ඔවුන් ඔවුන්ට හැකි සෑමදෙයක්ම ඔබ වෙනුවෙන් ඉටුකරනු ඇත.

 එය සාර්ථක නායකත්වයක එක් ලක්ෂණයක් වන අතර එය තමන් තුළ ප‍්‍රගුණ කරන ලෙස ඔබ සැමගෙන් මම ඉල්ලා සිටිමි. ඔබ වෘත්තියෙහි ඉහළට යන විට, ඔබ වෙත වඩ වඩාත් වගකීම් ලැබෙනු ඇත.

 යම් දිනක ඔබගෙන් කෙනෙකු ගුවන් හමුදාපති ධූරයට පත් වී ආයතනයේ සාර්ථකත්වයට මෙන්ම එහි කාර්ය මණ්ඩලයේ සියලූ දෙනාටම වගකිව යුතු ස්ථානයට පත්වනු ඇත. එබැවින් ඔබට ඔබේ වෘත්තියෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට සහ ඔබේ මාතෘභූමියට දායක වීමට හැකි වන පරිදි නිරතුරුවම ඉගෙන ගැනීමට සහ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනයේ නිරත වීමට ඔබට ලැබෙන සෑම අවස්ථාවකින්ම ප‍්‍රයෝජන ගත යුතුය.

 මෙය, වරින් වර ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන තර්ජනවලට මුහුණදීමේදී සහ ජාතිය ගොඩනැගීමේ කාර්යයේදී වැදගත් වේ. අනාගතය දෙස බලන ශ‍්‍රී ලංකාව වෙත ඔබේ උපරිමය ලබා දීම අවශ්‍ය වන අතර, දේශපේ‍්‍රමී නිලධාරීන් ලෙස ඔබේ රට වෙනුවෙන් ඔබේ උපරිමය ඉටුකරන බව මට විශ්වාස ය. අවසාන වශයෙන්, ඔබගේ වෘත්තීය ජීවිතය සහ සෑම අනාගත කර්තව්‍යයක්ම සාර්ථක වේවායි මම ප‍්‍රාර්ථනා කරමි.

 ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරු, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෝ, නිලධාරීහු, සෙසු නිලයෝ, නව නිලධාරින්ගේ ඥාතීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment