දේශපේ‍්‍රමී යැයි කී රාජපක්ෂ ආණ්ඩුව රටේ වටිනා සම්පත් සියල්ල විකුණනවා – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

154

රටේ සම්පත් විකිණීමේ රාජපක්ෂ හත්කට්ටු ආණ්ඩුවේ ක‍්‍රියාදාමය හමුවේ කවුරුන් නිහඬ වුවද ජනතා විමුක්ති පෙරමුණ සහ ජවිපෙ වෘත්තීය සමිති ව්‍යාපාරය කිසිලෙසකවත් නිහඬ හෝ යටත් නොවන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19 වැනිදා) කියා සිටියේය.

දේශීය සම්පත් විදේශයට විකිණීමේ ආණ්ඩුවේ පිළිවෙත සහතික ලෙස පරාජය කරන බව කී අනුර කුමාර දිසානායක මහතා ඉපදෙන විට රටට හිමිව තිබූ ජාතික සම්පත් රැුකගැනීම සඳහා සියලූ ජනතාවට වගකීමක් ඇති බවත් සිහිපත් කළේය. දේශපේ‍්‍රමී යැයි කී රාජපක්ෂ ආණ්ඩුව රටේ වටිනා සම්පත් සියල්ල විකුණා දමමින් ඇති බවත් ආණ්ඩුව නමට පමණක් දේශපේ‍්‍රමී වී ඇති බවත් හෙතෙම කීවේය.

ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවා දීමට එරෙහි සටන පමණක් නොව ඉදිරියේදී ලංකා විදුලිබල මණ්ඩලය රැුකගැනීම, පෞරාණික සම්පත් ආරක්ෂා කර රැුකගැනීම ආදී සටන් ද ජයග‍්‍රහණය කරන බවත්, ඉන් නොනැවතී රටේ සම්පත් රැුක, රට සංවර්ධනය කිරීම සඳහා වත්මන් පාලකයන් පලවා හැරීම දක්වා වූ කාර්යභාරය ජවිපෙ ඉටු කරන බවත් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

රටේ දේපළ විකුණා දමන පක්ෂ විපක්ෂ දේශපාලන පැලැන්තිය පරාජය කළ යුතුව ඇති බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ එම අදහස් පළ කළේ ‘ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමේ ගිවිසුම හකුලා ගනු’ මැයෙන් එම පක්ෂය කොළඹදී සංවිධානය කළ උද්ඝෝෂණයේදීය.

සිරිමන්ත රත්නසේකර සහ ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment