දේශබන්දුට එරෙහිව පියවර ගැනීම වළක්වන අතුරු තහනම දික් කරයි

151

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු එරෙහිව ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් ගොනු කර ඇති පෞද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ලබන 28 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (20 දා) නියෝග කළේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ගොනු කර තිබූ රීට් ආඥා පෙත්සම විවාදයට දින නියම කිරීමට එදින යළි කැඳවීමට ද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරු වැඩිදුරටත් නියෝග කළහ.

අරගලකරුවන් විසින් පසුගිය ජුලි මස 9 වැනිදා කොටුව ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස් දහසක මුදලක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට භාරදෙන ලෙසට කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කරන ලද නියෝගයකට එරෙහිව ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment