දේශබන්දුට පහරදුන්  8 දෙනා වරද පිළිගනිති – දඬුවම් නියම කිරීම 29 දා

280

කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් අටදෙනා ඊයේ (22 දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේදී එම නඩුවේ චෝදනාවලට වරද පිළිගත්හ.

ඔවුන් වෙනුවෙන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් ඊයේ පැවැත්වීමට නියමිතව තිබියදී නීතිඥවරුන් මාර්ගයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර එලෙස වරද පිළිගත් සැකකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ට දඬුවම් නියම කිරීම සඳහා එම නඩුව ලබන 29 වැනිදා යළි කැඳවීමට ද නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment