දේශානිට අහම්බෙන් හමුවුණ ආන්‍යා

929

ගුවන් සේවිකාවකගේ සිහිනය අතහරින්නේ නෑ

 පාර දිගේ ටෙලිනාට්‍ය නරඹන ඔයාලට මේ දිනවල ඇගේ රුව නම් අමතක නැතිව ඇති. ඒ තරමට ආන්‍යා කියන චරිතය හරි ජනපි‍්‍රයයි. ඇත්තටම ආන්‍යා හින්දා රෙහාන් අළුවිහරෙටයි, රසණිටයි ඉස්සරහට මොකද වෙන්නේ. ඒ ගැන දැනගන්න අපි ආන්‍යාට කතා කළා.

 * ආන්‍යාගේ සැබෑ නම මොකක්ද?

 දේශානි නෙහාරා

 * එතකොට පදිංචිය

 මිනුවන්ගොඩ.

 * පාසල් ගියේ

 සාමාන්‍ය පෙළ දක්වා මරඳගහමුල කේටන් විiාලයට ගියේ. උසස් පෙළ කළේ විෂලී ජාත්‍යන්තර පාසල, ගම්පහ.

 * පවුලේ විස්තර

 අම්මයි, තාත්තයි, මමයි, අක්කයි. අක්කා විවාහකයි. තාත්තා ගුවන්තොටුපළ හිටපු කළමනාකාරවරයෙක්.

 * දේශානිට ආන්‍යාව හමුවුණේ කොහොමද?

 මට ආන්‍යා වෙන්න ලැබුණේ අත්තටම අහම්බයකින්. පුංචි කාලේ ඉඳලා මට රඟපාන්න ආසාවක් තිබුණා. මටත් වැඩිය මගේ අම්මාට රඟපාන්න දෙන්න යන්න ලොකු ආසාවක් තිබුණා. ජාන්වි තමයි (මම හිතන්නේ මුළු රටම දන්නේ දෝණි කියලා) ගේ අම්මයි තාත්තයි තමයි චාමර සමරවික‍්‍රම සර්ට යොමු කරලා මට මේ ආන්‍යයාගේ චරිතය ලබා දුන්නේ. ඉතිං ඒ ඇන්ටියි, අංකලූයි මට ගොඩක් උදව් කරනවා හැම දේටම මගේ පිටුපසින් ඉන්නවා. මේ දෙන්නා හින්දා තමයි චාමර සර් වගේම සද්ධා සර් මුණගැහුණේ. ඒ නිසාම මට ආන්‍යාව හමුවුණා.

දේශානිට අහම්බෙන් හමුවුණ ආන්‍යා



 * ආන්‍යාට ලැබෙන ප‍්‍රතිචාර එහෙම කොහොමද?

 මේ දවස්වල නම් ආන්‍යාට ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. සමහරු මට දැන් නෙහාරා කියලා නොමෙයි ආන්‍යා කියලමයි කතාබහ කරන්නේ. රසික රසිකාවියන්ගෙන් ඉහළ ප‍්‍රතිචාර ලැබෙනවා.

 * රෙහාන්ටයි සරණිටයි ආන්‍යා හින්දා ඉස්සරහට ගොඩක් ප‍්‍රශ්න මතුවෙයිද?

 මම හිතන්නේ නැහැ ආන්‍යා හින්දා ප‍්‍රශ්නයක් ඇතිවෙයි කියලා. මම හිතනවා සරණිගේ හොඳ යාළුවෙක් වෙයි කියලා ආන්‍යා, ඉස්සරහට කතාව තවත් හොඳ විදිහට ගලාගෙන යාවි. කතාව දැන් එක එක පාරවල්වල යනවා. හැමෝම දැන් පාර දිගේ එක එක පැතිවල ගිහිල්ලා අන්තිමට එකම තැනකදී හමුවේවි කියලා.

 * එතකොට ආන්‍යා භානුගේ හීනය සැබෑ කරාවිද?

 භානුට ආදරය කරවිද කියන එක දැන් හැමෝටම ප‍්‍රශ්නයක්. හැමෝම බලාගෙන ඉන්නේ භානු – ආන්‍යා අදාර කතාව පටන් ගන්නකම්. මම හිතන්නේ ඒ කතාව ඉස්සරහටම පේ‍්‍රක්‍ෂයාට කුතුහලයක් විදිහට ඉස්සරහට ඉතුරු කළොත් හොඳයි කියලා.

 * රඟපෑමට ගෙදරින් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?

 ගෙදරින් ලොකු සහයෝගයක් හම්බවෙනවා. ඇත්තටම කිව්වොත් තාත්තානම් මුලින් ගොඩක් අකමැති වුණා. පස්සේ තාත්තාට ගොඩක් කියලා කියලා පුංචි කාලේ ඉඳලා තිබුණ ආසාව හින්දා කෑගහලා අඬලා කියන්න වුණ අවස්ථා තිබුණා. එහෙම කරලා තමයි තාත්තා රඟපෑමට යවන්න තීරණය කළේ. නැත්නම් අම්මගෙන් වගේම තාත්තගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා.

 * දර්ශන තලයේදී සහෝදර ශිල්පීන්ගෙන් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ?

 සද්ධා සර් චාමර සමරවික‍්‍රම සර් වගේම ශීවා සර්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඔවුන් හැම දේම මට කියලා දෙනවා වගේම අනෙක් ශිල්පීනුත් මට ගොඩක් උදව් කරනවා. මගේ පළමු රංගනය මේ වගේ පිරිසක් එක්ක වැඩ කරන්න ලැබීම ලොකු භාග්‍යයක්. විශේෂයෙන්ම කිෂූ සර් වගේ රටේ පිළිගත් චරිතයකගේ දුවක් ලෙස වැඩ කරන්න ලැබීම මට ඇත්තටම සතුටුයි.

 * ආන්‍යා ඔබට හම්බවෙන කොට ලොකු අභියෝගයක් වෙයි කියලා හිතුවේ නැතිද?

 මට කරගන්න පුළුවන් වේවිද කියලා හිතේ ලොකු බයක් තිබුණා. හැබැයි මම දැනගෙන හිටියා මෙයා පොහොසත් පවුලක කෙනෙක් ඒ වුණාට බොරු ලොකුකම් නැති චරිතයක් කියලා. කොහොමටත් මගේ සැබෑ ජීවිතයේදීත් බොරු ලොකුකම් නැහැ. ඒ හින්දා මම හිතුවා මට මේ චරිතය කරන්න පුළුවන් කියලා. මම අභියෝග භාර ගන්න කැමති චරිතයක්.

දේශානිට අහම්බෙන් හමුවුණ ආන්‍යා



 * ආන්‍යයි දේශානියි එක සමානද?

 ආන්‍යයි දේශානි නෙහාරයි ගොඩක් වෙනස්. ඇත්තම කිව්වොත් ආන්‍යා ඇමෙරිකානු කොම්පැණියක අයිතිකාරයකුගේ දුවෙක්. නෙහාරා එහෙම නැහැ. සමාන්‍ය පවුලක කෙනෙක්. එයාගේ බොරු ලොකකුම් නැහැ. ආන්‍යයි නෙහාරයි හරි සරලයි. නමුත් නෙහාරා දඟයි වගේම පුංචි නපුරුකමකුත් තියෙනවා.

 * රඟපාන්න කලින් මොනවද කළේ?

 මම උසස් පෙළ අවසන් කරලයි හිටියේ. ශී‍්‍ර ලංකන් සමාගමට සම්බන්ධ වෙන්නයි හිටියේ. නමුත් ඇබෑර්තු තිබුණේ නැහැ. මම තවදුරටත් ඉගෙන ගන්නවා කියන අදහසේ ඉන්නකොට තමයි මේ අවස්ථාව හම්බ වුණේ.

 * ගුවන් සේවිකාවක් වෙන්න තියෙන හීනය දැන් අත හැරියාද?

 නැහැ. නැහැ. ඒ සිහිනය තවම තියෙනවා. ඒක අතහරින්නේ නැහැ. ඇබෑර්තුවක් ලැබුණ විගස මම ඒකටත් යොමු වෙනවා.

 * රඟපෑමට දිගටම ආරාධනා ලැබුණොත් භාර ගන්නවාද?

 අනිවාර්යයෙන්ම මම දිගටම රංගනයේ යෙදෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ මට පුංචි කාලේ ඉඳලා තිබුණ හීනයක්.

  දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment