දේශීය ආදායම් නීතියට පිටින් ඇතැම් දිසාපතිලා උපදෙස් දීලා

428

රාජ්‍ය නිලධාරීන්ගෙන් උපයනවිට බදු අයකිරීමේ දී ඔවුන්ට ලැබෙන මූල්‍ය නොවන පහසුකම් මත එම බදු අයකිරීම නොකරන ලෙස ඇතැම් දිස්ත්‍රික් ලේකම්වරුන් තම ප්‍රධාන ගිණුම් නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මෙසේ ඔවුන් උපදෙස් දීම දේශීය ආදායම් සංශෝධන විධිවිධානවලට පටහැනි බව දේශීය ආදායම් වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති.

සංශෝධිත නව දේශීය ආදායම් නීතිය අනුව මූල්‍ය නොවන පහසුකම් මතද බදු ගෙවීමට රාජ්‍ය නිලධාරීන්ට සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් ඔවුහු රජයට මේ වනවිට විරෝධය පළ කරමින් සිටිති.

එම රාජ්‍ය නිලධාරීන්ට ලැබෙන මූල්‍ය නොවන පහසුකම් මත බදු නොගෙවීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන් උපදෙස් දී ඇතැයි ද එසේ කිරීම පවතින දේශීය ආදායම් නීතියට පටහැනි යැයි ද දේශීය ආදායම් වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කරති.

අදාළ මහදිසාපතිවරුන් තම ප්‍රධාන ගණකාධිකාරීවරුන් වෙත ලිඛිතව උපදෙස් දී ඇත්තේ 2023 ජනවාරි මස වැටුපමත මූල්‍ය නොවන පහසුකම්වලින් බදු අය නොරකන ලෙසයි.

2023 පෙබරවාරි මස සිට මේ සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ හැකි බවට ද මහ දිසාපතිවරුන් තම ප්‍රධාන ගණකාධිකාරීවරුන්ට උපදෙස් දී අදාළ බදු අය කිරීමේ දී ප්‍රතිපූර්ණය කරනු ලබන වියදම් වෙනුවෙන් බදු අය නොකරන ලෙසට ද වැඩිදුරටත් උපදෙස් දී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment