දේශීය ආදායම් පනතට අනුව බදු සංශෝධන ජන.1 දා සිට

141

දේශීය ආදායම් (සංශෝධන) පනතෙහි විධිවිධාන ප්‍රකාරව බදු සංශෝධන ක්‍රියාත්මක වන්නේ ජනවාරි 1 වැනිදා සිටයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉකුත් 19 දා සිය සහතිකය සටහන් කළ දේශීය ආදායම් (සංශෝධන) පනතට අදාළ බදු සංශෝධන එම පනතේ විධිවිධාන ප්‍රකාරව 2023 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

කථානායකවරයාගේ සහතිකය සමග මෙම පනත් කෙටුම්පත 2022 අංක 45 දරණ දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස මෙරට නීති පද්ධතියට එක්වීම සිදුවිය.

පසුගියදා (09දා) පාර්ලිමේන්තුවේදී පැවති මෙම පනත්කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයෙන් අනතුරුව විරුද්ධ පාර්ශවයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 83 ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 41 ක් ලැබිණි.

ඉන්පසු පනත් කෙටුම්පත තෙවන වර කියවීම සඳහා ද විරුද්ධ පාර්ශවයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එහිදී පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්ද 79 ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 36 ක් ලැබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment